Sujith Liyanage Main Channel

@sujithliyanagemain


2023 A/L Telegram group Link
https://t.me/physics2023viduna

2024 A/L Telegram group Link
https://t.me/vidunaphysics2024

2025 A/L Telegram group Link
https://t.me/Sujithliyanage2025

Sujith Liyanage Main Channel

21 Jan, 00:26


හරි පාර තෝරගන්න බුද්ධිමත් වෙන්න... ⚠️⚠️⚠️

මේ තියෙන්නෙ මීට දින කීපයකට කලින් 2026 සිද්ධාන්ත පන්තියේදි ළමයෙක්ගෙන් ආපු chit එකක්. මේ ළමයා 2025 උසස් පෙළ විභාගයට ලියන්නෙ. හැබැයි, මුල් පාඩම් ටික හරියට ආවරණය කෙරිලා නැහැ කලින් සහභාගී වෙච්ච පන්තියේ වරදක් නිසා. 2025 සිද්ධාන්ත පන්තිය ආරම්භ වෙලා මේ වෙද්දි අවුරුද්දයි මාස කිහිපයක් ගත වෙලා ඉවරයි. නිකමට හිතලා බලන්න, තමන්ගෙ ජීවිතයේ වැදගත්ම කඩයිමක් වෙනුවෙන් වැඩ කරන මේ කාලෙදි අවුරුද්දයි මාස කිහිපයක් වැරදි පාරක ගියාම කොහොම වේවිද කියලා. හැබැයි, ඇත්ත තත්වය තේරුම් අරගෙන, තමන් මේ යන්නෙ වැරදි පාරක කියලා තේරුම් අරගෙන, හරි පාර තෝරගන්න තරම් මේ ළමයා බුද්ධිමත් වුණා. හැබැයි, අවාසනාවකට තවමත් අනන්තවත් ළමයි ඉන්නවා තමන් මේ යන්නෙ වැරදි පාරක කියලා දන්නෙවත් නැති. නොතේරුම් කම නිසා හෝ, තමන්ගේ වාසිය වෙනුවෙන් සමාජගත කරපු බොරු කට කතා පිළි අරගෙන හෝ තමන් මේ කපා ගන්නෙ තමන්ගෙම වල කියලා නොදන්න අහිංසක ළමයි ගැන ඇත්තටම තියෙන්නෙ ලොකු දුකක්.
මේ සටහන සමාජගත කරන්නෙ අපේ පන්ති එන්න කියලාවත්, අපේ පන්තියේ විතරයි විෂය හරියටම කරන්නෙ කියලාවත් කියන්න නෙමෙයි. කොතන, කොහේ පන්ති ගියත් සිසුන් විදියට ඔබ බුද්ධිමත් වෙන්න හරිම පන්තියට සහභාගී වෙන්න. නිකං යන්නම් වාලේ පන්ති වලට යන්න එපා. තමන්ගේ අනාගතය වෙනුවෙන් ප්‍රතිඵල පෙන්නපු, වගකීමෙන් වැඩ කරන, සැලැස්මක් සහිත ගුරුවරයෙක් තෝරගන්න බුද්ධිමත් වෙන්න. ඔයාලට කලින් පන්ති ඇවිත් වෛද්‍ය, ඉංජිනේරු පීඨ ගියපු අක්කලා අයියලගෙන් අහලා දැනගන්න හොඳම මොකක්ද කියලා. මොකද, ආරම්භය වැරදුනා කියන්නෙ හරි පාරට එන්න හරිම අමාරුයි. ලොකු කැප කිරීමක් කරන්න වෙනවා.
ඉතිං, ඔබ වැරදි පාරක යනවා නම් දැන්වත් වෙනස් වෙන්න. ඔබට තවමත් කල් තියෙනවා හැදෙන්න. ඔබ ඉන්නෙ හරි පාරෙ නම්, සතුටු වෙන්න ඔබ ජයග්‍රහණය කරා යන නිවැරදිම මාවත තෝරගෙන තියෙන්නෙ කියලා. ❤️❤️❤️

Sujith Liyanage Main Channel

21 Jan, 00:21


ලෑස්ති වෙන්න.
ආලෝකය එන ගමන්...

Sujith Liyanage Main Channel

21 Jan, 00:18


පින්බර වප් පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා!

Sujith Liyanage Main Channel

21 Jan, 00:07


විශිෂ්ට ප්‍රතිඵලයක් වෙනුවෙන් දුෂ්කරතාවයන් දරාගෙන මහන්සි වෙන්න...
⭐️⭐️⭐️⭐️⭐️

Sujith Liyanage Main Channel

21 Jan, 00:00


Sujith Liyanage Main Channel pinned «⚠️⚠️⚠️⚠️⚠️ 077 990 4416 මෙම දුරකතන අංකය තව දුරටත් විදුන ආයතනය සතු WhatsApp අංකයක් නොවන අතර, කිසිඳු හේතුවක් මත මෙම දුරකථන අංකයට message කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට 076 7672 286 යන WhatsApp අංකය භාවිතා කරන්න. ⚠️⚠️⚠️⚠️⚠️»

Sujith Liyanage Main Channel

21 Jan, 00:00


⚠️⚠️⚠️⚠️⚠️
077 990 4416
මෙම දුරකතන අංකය තව දුරටත් විදුන ආයතනය සතු WhatsApp අංකයක් නොවන අතර, කිසිඳු හේතුවක් මත මෙම දුරකථන අංකයට message කිරීමෙන් වලකින්න. ඒ වෙනුවට 076 7672 286 යන WhatsApp අංකය භාවිතා කරන්න.
⚠️⚠️⚠️⚠️⚠️

Sujith Liyanage Main Channel

20 Jan, 23:57


💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢
නොවැළැක්විය හැකි හේතුවක් හින්දා Practical Session 01- Youtube Live එක 9 ට පටන් ගන්නවා.
පුළුවන් හැමෝම සම්බන්ධ වෙන්න.
එහෙනම් ඉතින් 9ට හැමෝම පහත Link එකෙන් සම්බන්ධ වෙන්න.
https://www.youtube.com/live/os7f04jD3V4
💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢

Sujith Liyanage Main Channel

20 Jan, 23:57


🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
2023 උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබාගත් සිසු දරුවන් ඇගයීමේ වැඩසටහනේ ජායාරූප ඇල්බමය මීට දින කිහිපයකට කලින් අපි නිකුත් කළා. ඔන්න එහෙනම් ඒ උත්සවයේ විශේෂ අවස්තා රැගත් After Movie එක ඔයාලට මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න පුලුවන්.
https://youtu.be/f52yq_pmsOo
🚩🚩🚩🚩🚩🚩

Sujith Liyanage Main Channel

20 Jan, 23:57


මිශ්‍රණ ක්‍රමය (තාපය) | Free Practical Session - Day 01

🔴 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පසුගිය පාඩම් නැවත සාකච්ජා කිරීමේ වැඩසටහන් අපි මීට මාස කිහිපයකට කලින් YouTube ඔස්සේ නොමිලේ සිදුකරන්න පටන්ගත්තා. මේ වැඩසටහන් මාලාවට දරුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම, ගොඩක් දරුවන්ගේ ඉල්ලීම මත ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ජා කිරීමේ වැඩසටහනකුත් ආරම්භ කරන්න අපි තීරණය කළා. මේ වැඩසටහනත්, සතිපතා විභාගය දක්වාම කරගෙන යන්න අපි සැලසුම් කරලා තියෙනවා.

🔴 පලවෙනි පියවර විදියට තාපය පාඩමේ මිශ්‍රණ ක්‍රමයේ ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ජාවක් අද රෑ සිදුකරනවා. පුලුවන් හැමෝම live එකත් එක්ක එකතු වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. ඒ ප්‍රශ්න ඒ වෙලාවෙම නිරාකරණය කරගන්න. මොකද, recording එක බලනකොට ප්‍රශ්නයක් තිබ්බොත් අහගන්න විදියක් නැහැ. ඒ නිසා, පුලුවන් හැමෝම live එකත් එක්ක එකතු වෙන්න. පංති එන, නොඑන ඕනම දරුවෙක්ට මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා, තම තමන්ට තියෙන ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාව තියෙනවා.
🔴 එහෙනම්, අද රෑ 8 වෙද්දි මේ තියෙන ලින්ක් එකෙන් පාඩමත් එක්ක එකතු වෙන්න.
https://youtube.com/live/os7f04jD3V4?feature=share
🚩🚩🚩🚩🚩

Sujith Liyanage Main Channel

20 Jan, 23:55



ඔක්තෝම්බර්... එහෙමත් නැත්නම් සරත් සමයේ උදාව. සෞම්‍ය හිරු කිරණ අතුරින් සැහැල්ලු සිසිල් සුලං හමා යන, තුරු ලතාවන්හි පත්‍ර මල් බවට පත්වන්නා වූ වසරේ සුන්දරතම කාල සීමාවක ආරම්භය.
ඉතිං, හිතාගන්න මෙච්චර කල් ඔබේ අතින් වෙච්ච හැම වැරැද්දක්ම අද ඉඳන් කරන්නෙ නැහැ කියලා. පොරොන්දු වෙන්න ඔබ අලුත්ම මනුස්සයෙක්, යහපත් ගතිගුණ වලින් හෙබි යහපත් මනුස්සයෙක්, ජයග්‍රහණය පසුපස පිපාසාවෙන් හඹා යන, අනාගතයේ දිනක රටක් ලෝකයක් දිනන මනුස්සයෙක් වෙන්න අද ඉඳන් වැඩ කරනවා කියලා. ඔබව නවත්තන්න කිසිම බාධාවක් නැහැ කියලා මතක තියාගන්න. ඔබට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ ගැන විශ්වාසය තියාගෙන වැඩ කරන්න. ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු කරා ගමන් කරන්න හැකිවෙන සුබ ඔක්තෝම්බරයක් වේවා!
🔥🔥🔥🔥🔥

Sujith Liyanage Main Channel

20 Jan, 23:54


⭐️⭐️⭐️⭐️⭐️
ජයග්‍රහණය කියන්නෙ පිපාසාවක් කරගන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙලා, සැලසුමකට වැඩ කරන්න.
ඔබට පුළුවන්!
🔡🔡🔡🔡🔡🔡🔡🔡🔡🔡

Sujith Liyanage Main Channel

20 Jan, 23:52


▶️▶️▶️▶️▶️
දුස්ස්‍රාවිතාවය | Free Revision Programme - Day 08 | Sujith Liyanage
2024 උසස් පෙළ සිසුන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන පුනරීක්ෂණ මාලාවේ අටවන දිනය. මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන, විෂය කොටස් ආවරණය නොවූ ඕනෑම සිසුවෙකුට මේ සඳහා නොමිලේම සහභාගී විය හැකිය.
අද (සෙනසුරාදා) රාත්‍රී 8.00 ට මෙම link එක ඔස්සේ සහභාගී වෙන්න.
https://youtube.com/live/nPJEsfY15gA?feature=share
▶️▶️▶️▶️▶️

Sujith Liyanage Main Channel

20 Jan, 23:51


🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩 🚩🚩
2023 උසස් පෙළ විභාගයට මුහුණ දී, විශිෂ්ට සාමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමේ වැඩසටහන පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වූවා. වැඩසටහනේ සම්පූර්ණ ජායාරූප එකතුවක් ඔයාලට පහල තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්. ෆේස්බුක් ලින්ක් එකක් තියෙන්නෙ. ෆොටෝස් බලන්නම කියලා මේ විභාගෙ අස්සෙ ෆේස්බුක් අකවුන්ට් එකක් හදාගන්න එපා. අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි වෙන කාගෙ හරි අකවුන්ට් එකකින් බලන්න. මොකද, මේ ජයග්‍රහණය ලබපු දරුවන්ව ඔයාලා හැමෝම දකින්න ඕනෙ. එහෙම දැකලා ඔයාලත් හිතට ගන්න ඕනෙ කවදාහරි ඔයත් මේ උත්සවයට සහභාගී වෙන්න සුදුසුකම් ලබනවා කියලා. වැඩ ටික හරියට කරලා විභාගෙට හොඳම ප්‍රතිඵලයක් ලබාගන්නවා කියලා. ජීවිතය කොහොමහරි ජයගන්නවා කියලා. අන්න ඒ නිසයි මේ ජායාරූප එකතුව ඔයාලා හැමකෙනෙක්ම බලන එක වැදගත් වෙන්නෙ. එහෙනම්, මේ වැඩසටහනේ වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් ලඟදිම දාන්නම් හැමෝටම බලන්න.
https://www.facebook.com/share/p/fXvN743eWrSpUiBt/?mibextid=qi2Omg

Original Photos කාටහරි අවශ්‍ය නම් මේ ලින්ක් එකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
https://drive.google.com/drive/folders/1ajEkDX1cHWZANW3pz6A5uX0QSAG5Sv5c?usp=sharing

Sujith Liyanage Main Channel

20 Jan, 23:48


▶️▶️▶️▶️▶️
කිසිම අභියෝගයකට, තර්ජනයකට නොසැලෙන දැවැන්ත පර්වතයක් ආකාරයෙන් මනසින් ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න...
🔥🔥🔥🔥🔥

Sujith Liyanage Main Channel

20 Jan, 23:47


🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤

Sujith Liyanage Main Channel

20 Jan, 23:45


බාධක හමුවේ නොසැලී, නොවැටී, තම අරමුණ කරා තමන්ගේම උත්සාහයෙන් ගමන් කරන්න.
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

6,873

subscribers

449

photos

36

videos