Learn Bits

@learnbits


Psychology 🧘‍♂ | Relationship 👩‍❤️‍👨

Knowldege 📚 | Facts 🎉

Life Tips 🕊 | Life Hacks 💡

Mythology 🔱 | Events 🎃

Sri Lanka 🇱🇰

Ask & Ads: @DrgNo

Learn Bits

22 Sep, 08:22


මොකක්ද මේ දෙවනි මනාපය...?

(හිටපු මැකෝට අනුව)

A, B, C, D, E කියන අපේක්ෂකයො පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනාට ඡන්ද 100ක් බෙදිලා යනවා.

A-40 B-35 C-15 D-6 E-4

දැන් කාටවත් 50% නෑ. ඒ නිස දෙවනි මනාපය ගනිනව. මෙතනදි A B කියන අපේක්ෂකයො දෙන්නව ඉතුරු කරල අනිත් අයව තරඟයෙන් හලනවා.

ඊළඟට එයාලා C අපේක්ෂකයගෙ ඡන්ද ටික ආපහු අරගන්නවා. (තෙවනියට වැඩිම ඡන්ද තියෙන කෙනාගෙ)

දැන් C ට පළමු මනාපය පළ කරල තියෙන ඒවගෙ, දෙවනි මනාපය A හෝ B ලෙස ලකුණු කරල නං, ඒ ඡන්දය Aට හෝ Bට ලැබෙනවා. Cට විතරක් කතිරෙ ගහල නං, දෙවනි තෙවනි මනාප ලකුණු කරල නැති නම්, C ගෙ ඒ ඡන්ද මේ දෙවනි මනාප ගැනිල්ලට ගන්නෙ නෑ.

හදිස්සියෙවත් C ට පළමු මනාපය සහ දෙවන මනාපය D හෝ E ට දීල තියෙනව නං, D හෝ E ට ඒ ඡන්ද ලබා දෙන්නෑ. එයාල තරඟයෙන් අයින් කරල ඉවරයි. හැබැයි ඒ ඡන්ද වල පළමු හෝ දෙවන මනාපය හැර, තෙවන මනාපය ආපහු A ට හෝ B ට දීල තියෙනව නං ඒ තෙවනි මනාපය Aට හෝ Bට ඡන්දයක් ලෙස එකතු කරනව.

මේ සීන් එකෙන් පස්සෙ පළමු, දෙවන තෙවන මනාප වල ඡන්ද එකතුවෙන් 50% ගන්න කෙනා ජනපති වෙනව.

හැබැයි දෙවනි තෙවනි මනාප එකතු කලාට පස්සෙත් 50% ගන්න බැරි උනොත්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කෙනාට ජනාධිපති ධූරය හිමිවෙනවා.

#Social_Mid #Knowledge

@LearnBits

Learn Bits

11 Sep, 03:58


Telegraph Media Uploading Issue

https://t.me/DrgNoBlog/17

Learn Bits

29 Aug, 09:34


ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන....☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇

අන්න ඒ වෙලාවට කාටවත්ම කියන්න බැරි සතුටක්...😊 දුකක්..😔 හෝ වෙන ඕනම හැඟීමක්,🙃 ඔලුවට බර ප්‍රශ්නයක් අනිත් අය එක්ක බෙදාගන්න තැනක් ඕනද...?🥰

ඔයාගෙ අදහස් තීරණ ගැන අනිත් අයගෙ අදහස දැනගන්න තැනක් නැද්ද??😕


එහෙම නැත්නම් ඔයා අනික් අයට සවන්දෙන්න ,අනික් අයගේ ප්‍රශ්න වලට විසඳුම් හොයල දීල සතුටක් ලබන්න කැමති කෙනෙක්ද..🍃💫


එහෙනම් ඔයා ඉන්නම ඕන චැනල් එකක් මේක.. 😇
එන්න.. අපිත් එක්ක නිදහසට මාවත හොයාගන්න..
අනික් අයට මග පෙන්නන්න..💫💐


දැන්ම එකතු වෙන්න අපිත් එක්ක👇 https://t.me/Give_way2Freedom


GIVE WAY TO FREEDOM 💌

Learn Bits

23 Aug, 03:09


🤏 ඔවුන් එහෙමනං සහ ඔබ මෙහෙම කරන්න පුරුදු වෙන්න 👊

🌱 ඔවුන් අනවශ්‍ය ලෙස සතුටු වෙනකොට, ඔබ හික්මීමෙන් සිටින්න.

🌱 ඔවුන් නොසෑහෙන්න පරිභෝජනය කරන විට, ඔබ අලුත් දෙයක් නිර්මාණය කරන්න.

🌱 ඔවුන් අසීමාන්තිකව තෘප්තිය සොයන විට, ඔබ එයින් වැළකී සිටින්න.

🌱 ඔවුන් ඕනෙම දේකට එසැනින් එකඟ වෙන විට, ඔබ සෑම දෙයක් ගැනම සිතා බලන්න.

🌱 ඔවුන් සියල්ලන්වම සැක කරන විට, ඔබ විශ්වාසවන්ත සබඳතා ගොඩනගාගන්න.

🌱 ඔවුන් පාලනයකින් තොරව වියදම් කරන විට, ඔබ අනාගතය සඳහා එම මුදල් ආයෝජනය කරන්න.

🌱 ඔවුන් සමාජ මාධ්‍ය වල රස්තියාදු වෙන විට, ඔබ අධ්‍යාපනික කටයුතු වල නියැලෙන්න.

🌱 ඔවුන් කැමති කැමති විදිහට නිදාගන්න විට, ඔබ නින්ද පාලනය කරමින් වැඩ කරන්න.

🌱 ඔවුන් මන්දගාමීව වැඩ පැහැර හරින විට, ඔබ වැඩියෙන් පුහුණුවීම් කරන්න.

🌱 ඔවුන් අන් අයට රිදවන විට, ඔබ අන් අයව සුව කරන්න.

🌱 ඔවුන් ජීවිතය ක්ෂය කරගන්නා විට, ඔබ ඔබේ ජීවිතය දියුණු කරගන්න.

#Life_Tips

Learn Bits

21 Aug, 04:45


චැනලයේ පළ කළ දීර්ඝි ලිපි කිහිපයක එකතුවක්... 📝
 

Learn Bits

03 Jun, 04:30


බව්වෙක්ගෙ සාමාන්‍යය ජීවිත කාලය කොච්චරද?

බව්වෙක්ගෙ ජීවිත කාලය තීරණය කරන ප්‍රධානම සාධක තමයි, බව්වගෙ වර්ගය සහ දේහ ප්‍රමාණය.

Chihuahuas, Yorkies, Maltese හෝ Shih Tzus වගේ කුඩා දේහයන් දරන බව්වො සාමාන්‍යයෙන් අවු. 10-15 ක් වගේ කාලයක් ජීවත් වෙනව. ඒ වගේම golden retrievers, French bulldogs සහ cocker spaniels වගේ මධ්‍යම ප්‍රමාණයේ දේහ දරන සුනඛ වර්ග අවු. 10-12 ක් ජීවත් වෙනව.

අවසානයට Great Danes, Irish wolfhounds සහ Saint Bernards වගේ විශාල දේහ දරන බව් වර්ග, ජීවත් වෙන්නෙ අවු. 10කට අඩු කාලයක්.

මේ කාල පරාස තීරණය කරල තියෙන්නෙ බහුතර සිදුවීම් පදනම් කරගෙන. ඒ නිසා ඕනෙම සුනඛයෙක්ට මේ කාල පරාසයන්ට පිට කාලයක් ජීවත් වෙන්න ඉඩකඩක් තියෙන්නත් පුලුවන්.

#Knowledge

Learn Bits

03 Jun, 02:30


SoulFuel

*Motivational Posts 📝

*Motivational Quotes 💯

*Business Tips & Tricks 💸

*Life Hacks 🪜 

පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද ?

කිසිම වැඩක් කරන හිතෙන්නෙ නැද්ද ?

නවත්තපු වැඩ පටන් ගන්න හිතෙන්නෙ නැද්ද ?

පොඩි Motivation එකක් අරන් ආයෙත් වැඩේට බහින්න.

Mindset එක වෙනස් කරගන්න.

To Refuel Your Mind

Learn Bits

23 May, 14:09


ස්වභාවික සහ සංවාදාත්මක ස්වරයක් භාවිත කරන්න

ඔයාගෙ ලේඛන විලාසය රඳා පවතින්නෙ, ඔයාගෙ අනන්‍ය අද්විතීය කථන විලාසයට අනුව බව ඔයා දන්නවද? සමහරු කතාවක් ලියනකොට බොහොම අමාරුවෙන් සාහිත්‍යානුකූලව ලියන්න හදනව.

සහ වචන හොය හොය, උපමා හොය හොය කතාවට එකතු කරනව.

හැම රචකයෙක්ම සම්මත ලේඛන විලාසයක් අනුගමනය කරන්න ඕනෙ කියන අදහස ඇතුවයි සමහරු එහෙම කරන්නෙ. ඒත් ඇත්තටම සම්මත ලේඛන විලාසයක් කියල දෙයක් නෑ.

ඔයා කතාව ලියන්න ඕනෙ ඔයාට සුවපහසු සීමාවක ඉඳල මිසක්, ඔයාට දරාගන්නවත් බැරි පරාසයක් අල්ලගෙන නෙවෙයි. ඔයාගෙ හිතට එන අදහස්, ඔයාගෙම වචනයෙන් අකුරු කරන්න. නැතුව හිතට එන අදහස වෙන විදිහකට ලියන්න ගියොත් ඒකෙන් ඔයාට හානියක් වෙන්න පුලුවන්.

ඒ වගේම ලේඛනය තුළ හම්බෙන cliches මගහරින්න උපරිම උත්සායක් ගන්න ගමන්ම, ලේඛනයේ නිරත වෙන්න උත්සාහ කරන්න.

ඔයාගෙ ලේඛන විලාසය තුළින්, ඔයාගෙ පෞර්ෂය පිළිබිඹු කරන එකට තමයි, "තමන්ටම අනන්‍ය වූ ලේඛන විලාසයක්" පවතිනව කියල කියන්නෙ.

#Writer

Learn Bits

23 May, 13:07


ගිනිකෙළි සංදර්ශන, විශාල ගිණිමැල වගේ දේවල් රෙකෝඩ් කරන්න යන්න එපා. ඔයා එහෙම අවස්ථාවක් රෙකෝඩ් කරනකොට ඔයාට පේන්නෙ ඔයාගෙ ෆෝන් එකේ හෝ කැමරාවෙ තිරයෙන් පේන දේ මිසක් ඇත්තම ස්වභාවික දසුන නෙවෙයි.

ඒ නිසා ඒ වගේ දෙයක් ස්වභාවිකව ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින එක, රෙකෝඩින් එකක් බලනවට වඩා සුදුසුයි. සහ අපි කවුරුත් ගොඩක් වෙලාවට එහෙම දේක රෙකෝඩින් එකක් පස්සෙ කාලෙක බලන්න තියෙන ඉඩකඩ අඩුයි.

#Life_Hacks

Learn Bits

23 May, 12:47


Telegra.ph සයිට් එකේ ලින්ක් වල preview, සමහර වෙලාවට load වෙන්නැද්ද?

මම මේ poll එකෙන් ඇහුව වගේ, සමහරුන්ට ඒ ගැටළුව තිබිල තියෙනව. Link preview නැතුව instant view බට්න් එකක් ගන්නත් බැහැ, සහ ලින්ක් එක එබුවම අපිව browser එකට අරන් යන්න.

මේ ගැටළුවට විසඳුම් දෙකක් තියෙනව.


1. te.legra.ph ඩොමේන් එක භාවිත කරන්න.

ඔයාගෙ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, te.legra.ph කියල වෙනස් කරල ආයෙ උත්සාහ කරන්න.

උදා :-

- https://telegra.ph/Link කියන එකේ preview එක එන්නෑ කියල හිතන්න.

- මේ ලින්ක් එක,
https://te.legra.ph/link කියල වෙනස් කරන්න. එතකොට preview එක ලැබේවි.



2. මගේ Instant view template එක භාවිත කරන්න.

සංකීර්ණ කරන්න ඕන්නැති නිසා මම සරලව මෙහෙම කියන්නං. ඔයාගෙ ඒ වැඩ කරන්නැති telegra.ph ලින්ක් එක, පහළ ෆෝමැට් එකේ අදාළ තැනට ආදේශ කරන්න.

https://t.me/iv?url=(https://telegra.ph/HBwL-05-13-2)&rhash=85d93c787156e6

ඔය වරහන් ඇතුළෙ තියෙන ලින්ක් එක වෙනුවට ඔයාලගෙ වැඩ නොකරන ලින්ක් එක දාලා ආයෙ බලන්න. (වරහන් දෙක අයින් කරගන්න. හොයාගන්න ලේසි වෙන්න දැම්මෙ.)

#Tele_Tips

Learn Bits

18 May, 10:02


පේටන්ට් (Patent) බලපත්‍ර සහ පිටපත් අයිතිය (Copy Right) අතර වෙනස මොකක්ද?

පේටන්ට් එකක් ලැබෙන්නෙ නව නිපැයුමක් සඳහා. ඒ කියන්නෙ ලෝකෙට අලුත් දෙයක්, අලුත් සංකල්පයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන්.

හැබැයි පිටපත් අයිතිය වලංගු වෙන්නෙ, කලාත්මක ක්‍රියාවක් වගේ අදහසකට. ඒක පොතක්, චිත්‍රයක්, සිංදුවක් හෝ ඒ හා සමාන දෙයක් වෙන්න පුලුවන්.

මේ වර්ග දෙකේදිම, ඒ ඒ පනතට අයත් වෙනස් නීති රීති තියෙනව.

Patent Regulations
CopyRight basics from Aus AG Dep.

#Knowledge

1,516

subscribers

430

photos

39

videos