Knowledge Station [🇱🇰]

@important987


“දැනුම ඇති මිනිසා තම සතුරන්ට ප්‍රේම කිරීමට පමණක් නොව තම මිතුරන්ට වෛර කිරීමටද සමත් විය යුතුය.” - 𝘍𝘳𝘪𝘦𝘥𝘳𝘪𝘤𝘩 𝘕𝘪𝘦𝘵𝘻𝘴𝘤𝘩𝘦

කල් ඉකුත් වූ අධ්‍යාපන රටාව වෙනස් කර අධ්‍යාපනය ප්‍රායෝගික කරගමු..⚫️

☑️හොදම ලිපි කියවන්න https://t.me/important987/6987

Knowledge Station [🇱🇰]

12 Oct, 16:40


https://www.youtube.com/watch?v=cwr5YCTa1cg

Knowledge Station [🇱🇰]

10 Sep, 11:21


https://t.me/+VIZQ930C8R4wMWNl
Mafia Group game

Knowledge Station [🇱🇰]

11 Jul, 06:59


https://t.me/pixelversexyzbot?start=1727505421
Let's fight for rewards together!

Take your welcome bonus:
💸 2,000 Coins 2X multiplier for the first 24 hours
🔥 10,000 Coins 3X multiplier if you have Telegram Premium

Knowledge Station [🇱🇰]

09 Jul, 12:32


බුද්ධාගම කියන්නේ මිනිස්සු මත් කරන එකක් නෙවෙයි. මිනිස්සු ශක්තිමත් කරන එකක්. මිනිස්සුන්ගේ ලෝකෝත්තර අරමුණු වගේ ම ලෞකික අරමුණු සාක්‍ෂාත් කරගන්න මග පෙන්වන ඉගැන්වීමක්. ධර්මය ගැන මූලික හැදෑරීමක් තියෙන අය පවා ඒ ගැන දන්නවා. මත්ද්‍රව්‍ය පාවිච්චිකරන මිනිස්සු දුර්වලවෙනවා. ඒ මිනිස්සුන්ගේ සිහිකල්පනවා අඩුවෙනවා. එකිනෙකා එක්ක ඇන කොටාගන්න මත්වෙච්ච මිනිස්සු පෙළැඹෙනවා. ඉතින් මේ අබිං කතාවට හොඳින් ම ගැලැපෙන්නේ මාක්ස්ගේ ඉගැන්වීම් පස්සේ යන අය. ඒ මනුස්සයා හොඳ චේතනාවකින් තමන්ගේ අදහස් කියපු බව ඇත්ත. ඒත් ඒ ගුලිය ගිලපු එවුන් මෙහෙම මත්වෙයි කියලා ඒ මනුස්සයා හීනෙන්වත් හිතන්න නැතුව ඇති.
7. ආගම යනු ධනපති පංතියේ හා පාලකයන්ගේ හොඳ ම සගයා ය.
බුද්ධාගමේ පංති භේදයක් නෑ. ධනපතියන්ට, දුප්පතුන්ට, පාලකයන්ට, පාලකයන්ට එක විදිහට ම ධර්මයේ පිහිට ලබාගන්න පුළුවන්. හැබැයි අඥාන පුද්ගලයන්ට ඒ ආලෝකයේ පිහිට ලැබෙන්නේ නෑ. ඒ ගැන අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්න ද?
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Knowledge Station [🇱🇰]

09 Jul, 12:32


මාක්ස්, ගිරවා සහ වටුවා
ගිරවුන්ට බුද්ධියක් තියෙනවා. ආශ්‍රයේ හැදෙන ගිරව් තමන්ගේ සමහර වැඩවලට මිනිස්සු යොදාගන්නෙත් ඒ හින්දා. තමන්ගේ ගෙවල්වල ඇති කරන ගිරවුන්ට වචනයක් දෙකක් කතාකරන්න පුරුදු කරන අයත් ඉන්නවා. ඉතින් එහෙම පුරුදු කරපු ගිරවෙක්ගෙන් “පෙත්තා බත් කෑවා ද?” කියලා ඇහුවාම ඒ ගිරවා උත්තර දෙන්නේ “කෑවා, කෑවා” කියලා.
ඒත් මාක්ස්වාදී ගිරව් එහෙම නෙවෙයි. එහෙම ගිරවෙක්ගෙන් “පෙත්තා බත් කෑවා ද?” කියලා ඇහුවොත් ලැබෙන්නේ “පෙත්තා බත් කෑවා ද?” කියන උත්තර ය. ඒ කියන්නේ ඇහිච්ච එක ඒ විදිහට ම කියවනවා මිසක් හිතලා උත්තර දෙන්න පුළුවන්කමක් මාක්ස්වාදී ගිරවුන්ට නෑ.
මගේ මුණුපොතේ ඉන්නවා ඉතාමත් ඉහළ මට්ටමේ ලයිසන් එකක් ගත්ත මාක්ස්වාදී ගිරවෙක්. ඒ ගිරවා ඉවරයක් නැතුව “මාක්ස්, මාක්ස්” කිය කියා ඉන්නවා.
ඊයේ පෙරේදා දවසක මේ මාක්ස්වාදී ගිරවා මූණුපොතේ පළකරපු ප්‍රචාරක පත්‍රිකාවකින් කියලා තිබුණා කාල් මාක්ස් ආගම දැකපු හැටි. ඒ වයසක මනුස්සයා ආගම දැකපු හැටි අපිට අදාළවෙන්නේ කොහොමද කියලා මේ ගිරවා හිතන්නේ නෑ. ඒ ප්‍රචාරක පත්‍රිකාවෙන් කියැවුණු අදහස් ටික අපි විමසලා බලමු.
මෙතැන ආගම විදිහට අපි සළකන්නේ බුද්ධාගම. මේ රටේ බහුතරයක් අදහන්නේ ඒ ආගම. ඉතින් වෙන කොහෙවත් තියෙන ආගම් ගැන අපි වදවෙන්න ඕන නෑ. ඒ හින්දා බුද්ධාගම ආශ්‍රයෙන් අපි මේ කරුණු විමසලා බලමු.
1. ආගම යනු මිනිසාගේ නිර්මාණයකි.
බුද්ධාගම කියන්නේ දේවභාෂිතයක් නෙවෙයි කියලා පොඩි ළමයි පවා දන්නවා. බුද්ධත්වය ලබන්න පුළුවන් මනුස්ස භවයක දී විතරයි. බුදුහාමුදුරුවෝ මනුස්සත්වය ඉක්මවූවෙක් කියලා අපි කියන්නේ උන්වහන්සේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් බවට පත්වුණා කියන අර්ථයෙන් නෙවෙයි. බෞද්ධ අපේ පිළිගැනීම අනුව උන්වහන්සේ දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් වඩා උසස්. උතුම්. ඉතින් උන්වහන්සේගේ දේශනා ආශ්‍රයෙන් බුද්ධාගම නිර්මාණය වෙලා තියෙනවා. මේක “මිනිසාගේ නිර්මාණයක්” කියලා කියන්න ඔය කාල් මාක්ස් කියන මනුස්සයාගේ පොත් කියවන්න ඕන නෑ.
2. මිනිසා තම බලය ආගමට පවරා ඊට යටත් වී ජීවත්වෙයි.
අපි කවද්ද බුද්ධාගමට යටත්වෙලා ජීවත්වෙන්නේ? බුද්ධාගමෙන් කෙරෙන්නේ ම මිනිස්සු බලවත් කරන එක. තමන්ගේ පිහිටට ඉන්නේ තමන් බව බුද්ධාගමෙන් අපිට කියලා දෙනවා. දෙවියෙක්, බ්‍රහ්මයෙක් පස්සේ ගිහිල්ලා අපි පතන නිවන ලබාගන්න අපිට බෑ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියා නම් එහෙම නිවනක් අපිට ලබලා දෙන්න උන්වහන්සේටවත් බෑ. ලෞකික කටයුතුවල දී පවා කම්මැලි නැතිව, වීර්යයෙන් වැඩ කරන්න ඕන විදිහ බුදුදහමින් පෙන්නනවා. බෞද්ධ අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නේ ලෞකික වැඩ කරගන්න ඕනකරන ගනුදෙනුවක් විදිහට. බල්ලන්ගෙන්, හරකුන්ගෙන් උදව්ගන්න අපිට දෙවියන්ගෙනුත් උදව්ගන්න පුළුවන්.
3. ආගම මඟින් මිනිසාගේ නිර්මාණ ශක්තිය විනාශකර දමයි.
බෞද්ධයෝ කොච්චර නම් උසස් නිර්මාණ කරලා තියෙනවා ද? අදටත් එහෙම නිර්මාණ කරන අය ඉන්නවා. ඒක මේ රටට විතරක් අදාළ කාරණයක් නෙවෙයි. බෞද්ධ සංස්කෘතිය පැතිරිලා තියෙන හැම රටක ම පවා මේ හපන්කම් දකින්න පුළුවන්. බටහිර වන්දනාවෙන් ඔළු අවුල් කරගත්තේ නැති මිනිස්සු අදටත් හොඳ නිර්මාණ කරනවා. ලිබරල් අදහස්වලින්, මාක්ස්වාදී තෙල්වලින් අපේ ඔළු අවුල් කරගන්න කලින් ජාතියක් විදිහට අපිට ඉතාමත් හොඳ නිර්මාණ ශක්තියක් තිබුණා. දැන් ඒ නිර්මාණ ශක්තිය මොටවෙලා තියෙන්නේ බාහිර බහුභූතවලින් අපි අපේ ඔළුගෙඩි පුරවාගෙන ඉන්න හින්දා.
4. ආගම මඟින් මිනිසාගේ තර්කන බුද්ධිය විනාශකර දමයි.
මූලිකව ම ධර්මය අතක්කාවචරයි. එහෙම වුනත් බෞද්ධ ඉගැන්වීම් ආශ්‍රයෙන් කොච්චර නම් තර්කන ක්‍රම ඇතිවෙලා තියෙනවා ද? මිලින්ද ප්‍රශ්නය වගේ පොතක් කියවන්න. නාගාර්ජුන, වසුබන්ධු, දිඞනාග, ධර්මකීර්ති, භාවවිවේක වගේ බෞද්ධ පඬිවරු නිර්මාණය කරපු තර්කන ක්‍රම ගැන මේ ගිරව් අහලවත් නෑ.
5. ආගම මඟින් පවත්නා තත්ත්වය වෙනස්කිරීම නොව පවතින තත්ත්වය යටතේ ම ජීවත්වීමට මිනිසා පොළොඹවයි.
මේ මාක්ස්වාදී ගිරව් දන්නේ නැතිවුනාට “සම්මෝදමාන ජාතකය” වගේ ඉගැන්වීම්වලින් කියැවෙන්නේ මොකක්ද කියලා පොඩි ළමයි පවා දන්නවා. වටු කුරුල්ලෝ රංචුවක් මස් වැද්දාගෙන් බේරිච්ච විදිහ ඒ කතාවෙන් කියනවා. පවතින තත්ත්වය ඒ විදිහට ම පිළිගත්තා නම් වැද්දාගේ දැල ඇතුළට ම වෙලා වටු කුරුල්ලෝ ආතල් එකේ ඉන්න ඕන. ඒත් උන් එකතුවෙලා පැවැතුණු තත්ත්වයෙන් අත්මිදුණා. පස්සේ වතාවක වටු කුරුල්ලෝ රංචුව වැද්දාගේ උගුලට අහුවුණේ උන්ගේ සමගිය නැතිවෙච්ච හින්දා. උන් දැල අස්සට වෙලා වැඩවර්ජන, උද්ඝෝෂණ කරන්න ගිය හින්දා. පංති විදිහට බෙදිලා ඇන කොටාගත්ත හින්දා. ඉතින් මේ පවතින තත්ත්වය වෙනස්කරන්න පුළුවන් මෙහෙම කාකොටාගෙන නොවන බවත් හැමෝම සමගියෙන් එකතුවෙලා පවතින තත්ත්වය වෙනස්කරන්න ඕන බවත් බෞද්ධයෝ දන්නවා.
6. ආගම යනු මිනිසාගේ අධ්‍යාත්මික මත්වීමකි. එනම් ආගම යනු පුද්ගලයාගේ අබිං ය.

Knowledge Station [🇱🇰]

24 May, 08:18


ලෝකයේ පළමු ආර්ථික හා යුද බලවතා වන අමෙරිකාවේ ජනගහනයෙන් සීයට හැත්තෑ හතරක් තවමත් දෙවියන්ගේ පැවැත්ම පිළිගන්නා බව අද ඨ්කකමච වැනි ඔවුන්ගේ සමීක්ෂණ ආයතන විසින්ම පෙන්වා දී තිබෙන්නකි.
👉 හිජාබය පැළදීම නීතිගත කරන තරමේ ආගමික නැඹුරුවක් ඇති ඉරානය, ජනගහනයට සාපේක්ෂව වාර්ෂිකව ලෝකයේ වැඩිම ඉන්ජිනේරුවන් බිහිකරන රට වන අතර, ඒ අතරින් සීයට හැත්තෑවක් කාන්තාවන් වීමද විශේෂ කරුණකි.
👉 ලෝකයේ දේව විශ්වාසයන් බහුල රටක් වන ඉන්දියාව ඒ කිසිවක් තම ඉදිරි ගමනට රුකුලක් මිස බාධාවක් කොට ගෙන නැති අතර, මෑත දශක දෙක තුළ ලෝකයේ ලොකුම දේව ප්‍රතිමා තිස් හතරක් ඉදිකරමින් සඳ තරණය වැනි ජයග්‍රහණ කරා යාමටද ඔවුහු සමත්ව සිටිති.
👉 විද්‍යාවේ තාක්ෂණයේ දියුණුව ඔස්සේ මහා හරඹ පෙන්වන ඊශ්‍රායලයේ යුදෙව්වෝ බොහොමයක් තවමත් මෝසෙස්ගේ පොරොන්දු දේශය පිළිබඳ බයිබලයේ එන පුරාවෘත්තය ගැන විශ්වාස කරති.
👉 එදා ආගමට එරෙහිව සංස්කෘතික විප්ලව දියත් කළ චීනය අද එහි වරද ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති අතර, චීනයේ වේගවත් ආර්ථික වර්ධනයට සමගාමීව ආගමික නැඹුරුව ඉහළ ගොස් ඇති බව ඔවුන් තම සංඛ්‍යාලේඛන තුළින්ම පෙන්වා දෙන්නකි.
👉 ලංකාවේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන්නන්ගේ සිහින දේශයක් බවට පත්වී ඇති ජපානය යනු තවමත් ඉපැරණි සංස්කෘතික විශ්වාසයන්ට ඉහළින් ගරු කරන ජනතාවක් සහිත රටකි.
👉 මේ ආකාරයට ලෝකයේ සෑම ආගමකම, සෑම සංස්කෘතියකම, සෑම ශිෂ්ටාචාරයකම විද්‍යාවේ මිණුම් දඬුවලට ගෝචර නොවන සංස්කෘතික විශ්වාසයන් කන්දරාවක් ඇති අතර, ඒවායේ පරම සත්‍යය ගැන හෝ විද්‍යාත්මක බව ගැන සොයමින් වාද විවාද කිරීමට ඒ කිසිවෙක් කරදර නොවෙති.
👉 ඒ ආගම් හේතුවාදීකරණය කිරීම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික සංස්කෘතික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් ක්‍රමවේදය වන නිසාය.
👉 එහෙත් මේ කිසිවක් ගැන හසරක් නොදන්නා ලංකාවේ රැඩිකල් ළිංමැඬියන් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට හේතුව බුදු දහම යැයි හුවා දැක්වීමට උත්සාහ කරති.
👉 ලංකාවේ බුදු දහම යනු සාපේක්ෂව අතාර්කික විශ්වාසයන් හා ඇදහිලි අඩුවෙන්ම පවතින දහමක් වුවද අනෙත් ආගම් පසෙක ලා බුදු දහමේ හා සංස්කෘතියේ ඇති සියලු කාරණා පමණක් විද්‍යාත්මකදැයි සෙවීම ඔවුන්ගේ පරම රාජකාරිය වී තිබේ.
👉 මේ නාටකයේ අලුත්ම ජවනිකාව වන්නේ බුදුන් ලංකාවට වැඩම කිරීම පිළිබඳ කතාව යළිත් කරළියට ගෙන ඒමය.
👉 එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ බුදුන් සැබවින්ම ලංකාවට වැඩම කළාද? නැද්ද? ඊට අදාළ ලිඛිත හෝ පුරා විද්‍යාත්මක සාධක මොනවාද යන කාරණා පිළිබඳ නොවේ.
👉 එය මහා වංශය ඇතුළු පිළිගත හැකි ලිඛිත මූලාශ්‍ර ගණනාවක සඳහන් කරුණක් වුවද ඒ සියල්ල පසෙක තබා බුදුන් ලංකාවට වැඩම කිරීම හුදු විශ්වාසයක් පමණක් යැයි මොහොතකට උපකල්පනය කරමු. එය එසේ වුවද ඒ විශ්වාසයෙන් කාට හෝ ඇති වී ඇති ප්‍රශ්නය කුමක්ද?
👉 රටේ ආර්ථිකය බංකොලොත් වී ඇත්තේ බුදුන් ලංකාවට වැඩම කිරීම හෝ නොකිරීම නිසාද?
👉 විද්‍යාව ගැන පුරසාරම් දොඩන්නන් මිස විද්‍යාවේ පිහිටෙන් හැට්ට කටුවක්වත් නිපදවා ගත නොහැකි රටක් බවට අප පත්වී ඇත්තේ බුදුන්ගේ ප්‍රශ්නයක් නිසාද?
👉 අපට වඩා බරපතළ ආගමික නැඹුරුවක් ඇති රටවල් පවා විද්‍යාවේ ප්‍රායෝගික ජයග්‍රහණ කරා යන විට අප හුදු සංස්කෘතික කාරණාවල විද්‍යාත්මක පදනම සෙවීම වැනි හිස් ෆේස්බුක් සංවාද සඳහා ඩේටා නාස්ති කරමින් එකිනෙකා සමඟ කා කොටා ගන්නා නිකමුන්ගේ රටක් බවට පත්ව ඇත්තේ බුදුන්ගේ ප්‍රශ්නයක් නිසාද?
👉 බුදුන් ලංකාවට වැඩම කිරීමෙන් හෝ නොකිරීමෙන් කිසිවෙකුට කිසිදු පැහැදිලි ප්‍රශ්නයක් මේ දක්වා ඇති වී නැත.
👉 එහෙත් රටේ ප්‍රධාන සංස්කෘතියට පහරදීම එකම රාජකාරිය බවට පත් කරගත් රැඩිකල් ළමා සමාජයට පමණක් එය මානව සංහතියේ දැවෙන ප්‍රශ්නය බවට පත්වී තිබේ.
👉 ඔවුන්ගේ මෙහෙයුම ගැන අවබෝධයක් නැති ඇතැම් ළාමක බෞද්ධයෝද බුදු දහමට අදාළ සංස්කෘතික විශ්වාසයන්ගේ විද්‍යාත්මක බව ගැන පමණක් සොයමින් මහා විද්වතුන් වීමට උත්සාහ දරති.
👉 එහෙත් කිසිවෙකුට හානියක් නොකරන, ආගමික සංස්කෘතික විශ්වාසයන්ට නිකරුණේ පහරදෙන්නා ඊනියා විචාරශීලී බුද්ධිමතෙක් නොව අනෙකාගේ සංස්කෘතික අයිතියට ගරු කිරීමට නොදන්නා අශිෂ්ටයෙකි.
👉 නැතහොත් ආගම, සංස්කෘතිය, විද්‍යාව, ලෝක ස්වභාවය, මිනිස් ස්වභාවය ආදිය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක ළිංමැඬි මනසක් ඇත්තෙකි.
👉 බුදුන් ලංකාවට වැඩම කිරීම පිළිබඳ පිළිගත හැකි සාධක ගැන අපට අවශ්‍ය නම් වෙනම සංවාද කළ හැකිය.
👉 එහෙත් සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතැන නොව ලංකාවේ රැඩිකල් ළමා සමාජ මානසිකත්වය තුළ බැවින් අප කළ යුත්තේ ඒ රෝගය නිවැරදිව හඳුනා ගැනීමය.
👉 ඒ රෝගයට සැබෑ ප්‍රතිකාරය වන්නේ බුදුන්ගේ ලංකා ගමන ගැන පුරා විද්‍යාත්මක සාධක සෙවීම නොව ලෝකයේ ආගම්, සංස්කෘතීන් හා විද්‍යාවේ ස්වභාවය කුමක්දැයි සිහි බුද්ධියෙන් අවබෝධ කරගැනීමය.
ඉසුරු ප්‍රසංග

Knowledge Station [🇱🇰]

11 May, 04:33


ලෝකයේ බොහෝ කලාපවල ගිය අවුරුද්දේ මැද ඉඳන් මේ දක්වා අධික උෂ්ණත්වයක් වාර්තා වුණා.
ඒ වුණාට ලංකාවේ සමහර මිනිස්සු හිතන් ඉන්නේ මේකට හේතුව පන්සල්,චෛත්‍ය හදපු එකලු. ඒකත් කැලෑ කපලලු. ඔය කැලෑ කපලා හැදුවා කියන පන්සල් කොහේ තියෙන ඒව ද දන්නේ නෑ. හැබැයි මේ දෙබිඩි කතාවේ අනිත් පැත්ත තමයි හෝටලයක් වගේ එකක් කන්දක් උඩ කැලෑ එළි කරලා හැදුවට මුකුත් වෙන්නේ නෑලු.අනිත් එක තමයි ලෝකයේ කලාපීය වශයෙන් බලපාල තියෙන මේ අධික උෂ්ණත්වයට ලංකාවේ පන්සලක්,චෛත්‍යක් කොහොමද සම්බන්ධ වුණේ කියන එක.
මේ වගේ ටෝක් අහන් ඉන්න El Nino ඉනට අත් දෙක තියන් හිනා වෙනවා ඇති.
ගිය අවුරුද්දේ අන්තිම කාර්තුවේ ඉඳන් El Nino ආරම්භ වුණා. El Nino කියන්නේ සරලවම සමකාසන්න නැගෙනහිර පැසිෆික් සාගර කලාපයට ඉහළින් පවතින සුළං ධාරා අසාමාන්‍ය ලෙස රත් වී ගොඩබිම දෙසට ඒම. මේ දවස් වල අග්නිදිග ආසියාවේ ඉඳන් දකුණු ආසියාව දක්වාම ඒ බලපෑම තමයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් El Nino Southern Oscillation (ENSO) සංසිද්ධිය අවුරුදු 5-6 කට සැරයක් සිදු වෙනවා. මේකේ අනිත් පැත්ත La Nino. ENSO වගේ ඒව වෙද්දී සම්පූර්ණ දේශගුණ සහ කාලගුණ රටා වෙනස් වෙනවා.
බෞද්ධයන්ගේ සල්ලි වලින් පන්සලක්, චෛත්‍යක් හැදුවා කියලා El Nino එන්නේ නැහැ.
ජුනි මාසෙ වගේ වෙනකොට බොහෝ විට ENSO අඩු වෙලා මෝසම් වර්ෂා සමයත් එක්ක මේ අධික උෂ්ණත්වය අඩූ වෙලා යයි.
කාර්මික විප්ලවහෙන් පස්සේ කොහොමත් ලෝක දේශගුණය වෙනස් වෙලා සහ වෙමින් තියෙන්නේ. හැබැයි පනසලක්,චෛත්‍යක් හදලා ගෝලීය දේශගුණයක් වෙනස් කරා කියලා කරේ තියන් යන එක තරම් අම්බරුකමක් තවත් නෑ

Knowledge Station [🇱🇰]

02 May, 15:04


ඉදිරි දින කීපයේ ලාංකික විද්වත් බුකි සභාව ඇතුලේ ආචාර්ය නලින්ද සිල්වා මැතිතුමා ගැන කුමන ආකාරයෙන් අදහස් පළවෙයි ද කියන්න අමාරුයි.
එතුමාගේ අභාවය සිංහල ජාතිකත්වය පදනම් කරගත් අප කඳවුරට නිවී ගිය පහනක් ලෙසින් මහත් පාඩුවක් වුවද, තවත් පාර්ශව ගණනාවකටම එතුමාගේ අභාවය අස්වැසිල්ලක් වන බව නම් නොඅනුමානයි.
අලුතින් එතුමාගේ නම පමණක් ඇසූ අය එතුමාගේ අභාවයට ද සුපුරුදු පරිදි ගරහන්නට ඉඩ ඇත.එතුමා කළ කී දෑ තුරුණු වියේ සිටින අපට වඩා වැඩිහිටි විද්වතුන් බොහෝ දේ දනී.
පෙරදිග සිංහල බෞද්ධ මතවාදයේ පටන් නූතන විශ්ව වේදය දක්වා පවා හසළ දැනුමක් ඇති අදටත් ලංකාවේ අංක එකේ විද්වතා බව බොහෝ දෙනෙක් දන්නේ නැත. මෙහි හසල දැනුම යන්න කටපාඩම් විද්‍යාවට එහා ගොස් සංකල්පනාත්මකව ප්‍රශ්න කිරීමට පවා දැනුමක් ඇති විද්වතුන් අතර ඉදිරියෙන්ම සිටියෙකි.
එතුමා මතවාදීව ඊළාම් සිහිනය පරාජය කරන්නට පටන් ගත් දා පටන් මෙන්ම ඊට පෙර සිටම අපගේ රටට,සිංහල බෞද්ධ සංස්කෘතියට වෙනුවෙන් කළ කී දෑ බොහෝය. අලුතින් හිතන්නට ඉගැන් වූ විද්වතුන් අතර මුලිකත්වයෙහි සිටියෙකි.
එතුමා කාලය සඟරා ආරම්භ කොට, මගේ ලෝකය වැනි පොත් ලියා අදටත් දශක ගණනාවක් ගත වී ඇත. එනමුත් තවමත් එතුමා අදහස් කළ දේ තේරුම් ගන්නට තරම් හැකියාවක් නැති බොහෝ දෙනෙක් "බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් " යන වදන දුටු විටම ඇවිස්සෙන ආකාරයෙන් ඇදුරුතුමන්ගේ ඉගැන්වීම ඔවුන්ට තේරුම් ගැනීමේ නොහැකියාව ගැන අප පුදුම නොවන්නෙමු.
එම වාක්‍ය තේරුම් ගැනීමට හැකියාවක් නැති තැන එතුමා පවසන ඉතිරිය තේරුම් ගැනීම කළ නොහැකිය.
සියවස් ගණනාවකට පසු ලාංකීය ඉතිහාසය තුළ ජාතියකට අලුතින් හිතන්නට ඉගැන්වූ ගුරුවරයා අද මෙලොවින් නික්ම ගොස් ඇත.
එතුමාගේ අගය අද අපට දැනෙන්නේ නැති වෙයි.දැනෙන දාට එතුමා තවත් කාලාන්තරයක් ජීවත් වුණා නම් කියා සිතේවි.
Nalin de Silva මහඇදුරුතුමන් විශ්වාස කළ නිර්වාණ සම්පත්තිය ඉතා ඉක්මනින් ලැබේවා 🙏

Knowledge Station [🇱🇰]

17 Apr, 13:55


ඉතාම වෙහෙසකර, කාර්යබහුල කාලයක් නිසා කිසිම දෙයක් ලියන්න වුණේ නෑ.
ඒත් මේ දවස් ටිකේ මරු ආතල් වැඩක් වෙලා.
රොහාන් පෙරේරා කියලා පොරක් මැරිලා.
මෑන් X කණ්ඩායමේ. X කණ්ඩායමේ ලොකු පොරක් ලු.
මම නම් එහෙම කෙනෙක් හිටපු බව දැනගත්තේ ෆේස්බුක් පෝස්ට් වලින්.
මම X කණ්ඩායමෙන් දන්නෙ නිර්මාල් දේවසිරියි, දීප්ති කුමාර ගුණරත්නයි විතරයි.
මේ රොහාන් පෙරේරා X කණ්ඩායමේ ලොකු පොරක්.
මෑන් ටියුෂන් දාලා මෑන් ගේ ගෝලයොන්ට දර්ශනය උගන්නලා. මෑන් අදහන් වඳින බැතිමත්තු ටිකකුත් බිහි වෙලා.
දීප්තිලා වගේ වැඳුම් පිදුම් විතරක් න්එවෙයි, මිනිහා උගන්නන්න සල්ලිත් අරන්.
ගෝලයොන්ගේ වයිෆ්ලා උස්සන වගේ වැඩත් කරලා. හැබැයි බහුතර ගෝලයො මිනිහට මල් තියලා වඳින සයිස් ලු.
මිනිහා වැඩිපුරම උගන්නලා තියෙන්නෙ සිංහල බෞද්ධ සමාජයේ කාන්තාවන්ට තියෙන පීඩා.
සිංහල පිරිමියා කාන්තාව යට කරන් ඉන්න හැටි. කාන්තාවන්ට විමුක්තිය ලඟා කරගන්න හැටි.
කාන්තාවට විමුක්තිය ලඟා කර ගන්න නම් සිංහල බෞද්ධ සංස්කෘතිය අවසන් කරන්න ඕන හැටි වගේ ගැඹුරු දාර්ශනික කාරනා.
පස්සෙ මෑන් එක පාර අතුරුදහන් වෙලා.
කාලෙකට පස්සෙ මෑන් මැරිලා.
රැවුල වවාගත්තු, නළලෙ හිල් පෑදුනු පුද්ගලයෙක් ලු මිය ගිහින් තියෙන්නෙ.
බැන්ඩඩ් ඇඳලා, ක්ලීන් ශේව් කරලා ඉඳපු රොහාන් පෙරේරා නෙවෙයි.
බැලින්නම් රොහාන් පෙරේරා කියලා බුවෙක් ඉඳලා නෑ.
මෑන් උපතින්ම මුස්ලිම්. නම මොහොමඩ් නිසාර් ෆස්ලි.
බොරු නම් දාන් සිංහල සමාජයට ඇවිත් කාන්තා විමුක්තිය ලබා දෙන්න.
නමුත් තමන්ගේ සමාජයේ තියෙන කාන්තා හිංසන ටික මෑන් හිතාමතාම සඟවලා.
නමුත් ඔහුගේ මව, සොයුරිය සහ සහකාරිය අඳින්නෙ කළු නිල ඇදුම.
නිසාර් ෆස්ලි රොහාන් වෙලා කොළඹ ඇවිත් බෞද්ධ සංස්කෘතියට දෙහි කපලා ආයෙම නිසාර් ෆස්ලි වගේ මැරිලා.
මිනිහගේ අවසන් කටයුතු වුනත් වෙලා තියෙන්නෙ ඉස්ලාම් විදියට.
මිනිහව අඳහන 'රැඩිකල්, ලිබරල්' ගෝලයො පවා අසරණයි.
අඩුම තරමේ මිනිහා මුස්ලිම් නම, තමන්ගේ ඇත්ත අනන්‍යයතාවය හංගලා මහා සමාජයට ආවේ ඇයි කියන ප්‍රශ්නේ ඉස්සරහත් මිනිහගේ ගෝලයො නිහඬයි.
රොහාන් පෙරේරාගේ සිදුවීම තනි සිදුවීමක් නෙවෙයි.
අද සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇද කුද පෙන්නන ගොඩ දෙනෙක් උපතින් නිසාර් ෆස්ලි ලා.
එතුමන්ලා මැරෙන්නෙත් නිසාර් ෆස්ලි ලා විදියටමයි.
අතරමග කාලය විතරක් රොහාන් පෙරේරා ලා වෙලා මිෂන් එකකට වැඩ කරනවා.
copied

Knowledge Station [🇱🇰]

15 Apr, 04:48


අපේ රටේ ජීවත් වන බොහෝ උගත් යැයි කියාගන්නා සිංහල බෞද්ධයන්ට එක්තරා අසනීපයක් තිබේ. ඒ සෑම දෙයකම විද්‍යාත්මක බව සෙවීමේ පුදුමාකාර අසනීපයයි.
👉 මේ යටතේ ඔවුන් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර, ආගම, ආගමික සාහිත්‍යය, ඇදහිලි විශ්වාස, සංස්කෘතික අංග ආදී සියල්ලේ විද්‍යාත්මක භාවය ගැන ප්‍රශ්න කරති. ඊට සමච්චල් කරමින් තමන් සාඩම්බර විද්වතුන් බව පෙන්වීමට උත්සාහ දරති.
👉 එහෙත් පාස්කුව සමරන විට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටීම විද්‍යාත්මක දැයි මෙරට කිතුනු බැතිමත්හු කිසිදා ප්‍රශ්න නොකරති.
👉 දීපවාලිය සමරන ලංකාවේ හින්දු ආගමිකයෝ ශ්‍රියා කාන්තාව කිරි මුහුදෙන් මතු වීම හෝ කෘෂ්ණ දෙවියන් නරක අසුරයා පරාජය කළ කතාවේ විද්‍යාත්මක බව ගැන ප්‍රශ්න නොකරති.
👉 ලංකාවේ හජ්ජි උත්සවය සමරන ඉස්ලාම් භක්තිකයෝ නබිතුමාගේ පුත්‍රයා වූ ඉස්මයිල්ව දෙවියන් වෙනුවෙන් කැපකිරීම විද්‍යාත්මක දැයි ප්‍රශ්න නොකරති.
👉 මෙවැනි ප්‍රකට උත්සවවලට අමතරව යුරෝපය, අමෙරිකාව, ජපානය ඇතුළු විද්‍යාව දන්නා බව කියන රටවල පැවැත්වෙන විවිධාකාර ආගමික හා ආගමික නොවන උත්සව කන්දරාවක් තිබේ.
👉 ඒ බොහොමයක් විද්‍යාත්මක හෝ තර්කානුකූල දේ නොවුණද විද්‍යාවේ දියුණුවෙන් ඉහළටම ගිය ලෝකයේ මිනිස්සු තවමත් පැරණි ආගම් හෝ ඇදහිලි මත පදනම් වූ කාරණා වෙනුවෙන් නානා මාදිලියේ උත්සව පවත්වති.
👉 විද්‍යාව දන්නා ජපානය තවමත් පැරණි අත්භූත කතාවක් මත පදනම් වූ ශිෂ්ණ උත්සවයක් සමරන අතර, ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයේ පුරුෂ ලිංගවල ආකෘති ඉදිකරමින් විනෝද වීම මේ පිළිබඳ අපූරු උදාහරණයකි.
👉 ලංකාවේ සිංහල අවුරුද්ද යනු මේ ආකාරයේ දෙවියන් භූතයන් හා බැඳුණු උත්සවයක් නොව පෙර කී සියල්ලට වඩා ස්වභාව ධර්මයේ නියාමයන් සමඟ බැඳුණු උත්සවයකි. (ඒ ගැන අවශ්‍ය නම් වෙනම කතා කළ හැකිය.) එසේ වුවද අන් කිසිදු දේවවාදී ආගමක පවා නැති ආකාරයට සිංහල අවුරුද්දේ විද්‍යාත්මක බව ගැන පමණක් ප්‍රශ්න අසන සිංහල උගතුන් මෙරට බොහෝය.
👉 සැබවින්ම ඔවුන්ගේ හැසිරීම තුළ ඇත්තේ විද්‍යාව, ආගම, සංස්කෘතිය, මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය ගැන කිසිදු අවබෝධයකින් තොර ළාමක මුග්ධ බවක් මිස කිසිදු ආකාරයක විද්වත් බවක් නොවේ.
👉 ලෝකයේ සැබවින්ම විද්‍යාව දන්නා මිනිසුන් විද්‍යාව විද්‍යාව ලෙසත්, ආගම ආගම ලෙසත්, සංස්කෘතිය සංස්කෘතිය ලෙසත් පවත්වා ගත්තද, විද්‍යාත්මක දියුණුව අතින් ඉතා පහළ තැනක සිටින ලංකාවේ හීනමාන උගතුන් පමණක් සිය අනුකාරක විද්‍යාවේ පොල් කටුවෙන් ලෝකය වැසීමට උත්සාහ කරති.
👉 සංස්කෘතිය යනු විද්‍යාවේ අඩි කෝදුවෙන් පමණක් මැන බැලිය නොහැක්කක් බව ඔවුහු නොදනිති.
👉 විද්‍යාවේ දියුණුව සමඟ ආගමික හෝ සංස්කෘතික විශ්වාසයන් සපුරා අහෝසි වී යනු ඇතැයි සිතීම යල් පැන ගිය ගල් යුගයේ මතවාදයක් බව ඔවුහු නොදනිති.
👉 ආගම් හා විද්‍යාව අතර පැරණි ලෝකයේ පැවති මාරාන්තික ගැටුම වෙනුවට අනෙකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ආගමික අයිතීන්ට ගරු කිරීම නූතන ලෝකයේ පිළිගත් මානව ආචාර ධර්මයක් බව ඔවුහු නොදනිති.
👉 ආගම් පමණක් නොව බොහෝ ආගමික නොවන සංස්කෘතික ක්‍රියාකාරකම්ද ඊනියා තර්ක බුද්ධියට අදාළ නොවන දේ බව ඔවුහු නොදනිති.
👉 මිනිසා යනු තර්කයෙන් බුද්ධියෙන් සියල්ල මැන බලනා මහදැනමුත්තෙකු නොව සිය තර්කයේ බුද්ධියේ සියලු බලය අතාර්කික ආශාවන් වෙනුවෙන් නාස්ති කර මිය ඇදෙන ජාගර ජීවියෙකු බව ඔවුහු නොදනිති.
👉 යමෙකු අහස ජය ගැනීමට පෙර තම මවු ඇකයෙන් පෝෂණය වී දෙපයින් සිට ගැනීමට සමත් විය යුතුය.
👉 තමන්ගේ සම්ප්‍රදාය සංස්කෘතිය වනාහී රටක් වශයෙන් අප පෝෂණය ලබන මවු ඇකයයි. එයට පහර දී බෝම්බ ගසා දෙපයින් සිට ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත.
👉 විද්‍යාව, තාක්ෂණය ඔස්සේ අහස ජය ගැනීමට හැකි වන්නේ සම්ප්‍රදායෙන් සංස්කෘතියෙන් නිසි පෝෂණය ලැබූ මානසිකව සවිමත් ජාතියකට මිස විද්‍යාවේ සැතින් අධ්‍යාත්මය සිඳ ගත් හිස් බුද්ධිවාදීන්ට නොවේ.
👉 විද්‍යාත්මක දැනුම ගැන වහසි දොඩන්නන් මිස, විද්‍යාවේ, තාක්ෂණයේ, ආර්ථිකයේ මහා ජයග්‍රහණ ලැබීමට අපට හැකි වී නැත්තේ කුමක් නිසාද?
👉 ඊට හේතු බොහෝ තිබිය හැකි වුවද තමන්ගේ පදනම මත පා තබා ගත නොහැකි වීමද එහි එක් හේතුවක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුමය.
ඉසුරු ප්‍රසංග

Knowledge Station [🇱🇰]

12 Apr, 12:46


သင်္ကြန် - තින්ග්‍යාන් උත්සවය හෙවත් බුරුම නව වසර
------------------------------------------
හිසට ඉහළින් කුඩා සීනු හඬ නංවයි.දහස් ගණන් පහන් එළි දැල්වෙන අතර සුවඳ ධූමයන්හි ගන්ධය අවකාශය සිසාරා පැතිරයයි.
දුඹුරු පැහැ සිවුරු පොරවාගත් භික්ෂූන් පෙළ සැදී වැඩම කරන අතර තරුණියන් සිය ගණනක් ගෙවීයන වසරේ පවු ඉවත් කරගැනීමේ අභිප්‍රායෙන් කොසු අතැතිව සෑ මළුව ඇමදීමට සූදානමින් සිටිති.
මේ ශවේදගොන් පාය පැගෝඩාව ( පැගෝඩා = ස්ථූපයට කියනා තවත් නමකි).නව වසරට සූදානම් වන ආකාරයයි.රන් පැගෝඩාව ලෙස අනවර්ථ නාමයෙන් හඳුන්වන මෙම මහා ස්ථූපය.අවට රනින් බබලවමින් මියන්මාරයේ යැංගොන් නගරය මධ්‍යයේ වැඩ සිටී.මියන්මාරය හෙවත් බුරුමයේ ජාතික සංකේතය වන්නේ මෙයයි.
බුරුමයේ ඉතා වැදගත් සුවිශේෂීම උත්සවය
සෑම වසරකම අප්‍රේල් මස 13 සිට 16 දක්වා බෞද්ධ ආභාශය ගත් තින්ග්‍යාන් (သင်္ကြန်) හෙවත් බුරුම නව අවුරුද්ද මියන්මාර් ජනතාව ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.
තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාව.
----------------------------------------
තින්ග්‍යාන් උත්සවයේ නිධාන කතාවට හේතු පාදක වනුයේ බෞද්ධ ආභාශය ගත් හින්දු කතාවකි.
එක් අවධියක බ්‍රහ්මයන්ගේ අධිපති වූ අර්සි සහ දෙවියන්ගේ අධිපතිවූ ශක්‍ර දෙවිඳුන් (သိကြားမင်း - ඉන්ද්‍ර /ශක්‍ර ) හා ඔට්ටුවක් දැමුවේය.එහි කොන්දේසිය වූවේ පරාජිතයාගේ හිස ගසා දැමීමයි.අවසානයේ ඔට්ටුවෙන් අර්සි බ්‍රහ්මයා පරාජය වූ අතර කොන්දේසි ප්‍රකාරව ඔහුගේ හිස ගසා දැමුණි.ඉතිරි වූ ක්වන්ධයට ඇතෙකුගේ හිසක් සම්බන්ධ කළ අතර එමගින් ගනේශ දෙවිඳුන් උපත ලැබීය.
නමුත් එක් ගැටළුවක් විය,බ්‍රහ්මයාගේ බලගතු වූ අතර ඔහුගේ හිස සාගරයට දැමුවහොත් සාගරය වියළී යයි.පොළව මතට දැමුවහොත් පොළව විනාශ වේ.ආකාශයට දැමුවහොත් ආකාශය ගින්නෙන් වැසී යනු ඇත.
මීට පිලියමක් සෙවූ ශක්‍ර දෙවියන්,අර්සි බ්‍රහ්මයාගේ හිස දෙවඟනන් දෙදෙනෙකු වෙත භාර කළහ.එක් දෙවඟනක මාස දොළහක කාලයක් හිස තමා සන්තකයේ තබාගෙන තිබිය යුතු අතර එම කාලසීමාවට පසුව අනෙකා වෙත හිස ලබාදිය යුතුය.එසේ හුවමාරු කරන අවස්ථාවේ නව වසරක උදාව සිදුවේ.
තින්‍ග්‍යාන් උත්සවය
---------------------
බෞද්ධයන් මෙදින උදෑසන බුද්ධ වන්දනය සිදුකර,අෂ්ඨාංග ශීලය සමාදන් වීම සිදුකිරීම හා විහාරස්ථාන තුළ වැඩ වසන භික්ෂූන් හට දන් පිලිගැන්වීම සිදුකරයි.
මෙම තින්ග්‍යාන් දිනය ආ-ක්‍යා-නෙයි ( A-kya-nei ) හෙවත් ශක්‍ර දෙවිදුන්ගේ දිනය යනුවෙන්ද හදුන්වන නිසා ඔහුට උපහාර ලෙස පරිසරය ජලය ගසා තෙත් කිරීම සිදුකරයි.මීට අමතරව සමස්ත මියන්මාරය පුරා ජනතාව බුද්ධ ප්‍රතිමාව ජලයෙන් දෝවනය කර ජල උත්සවය ආරම්භ කරන අතර පසුව එකිනෙකාට ජලය ගසා ගනිමින් ප්‍රීති වීම සිදුවේ.මෙසේ ජලය ගසා ගැනීමෙන් ගෙවීගිය වසරේ පාපයන් සෝදා හැරීම අභිප්‍රාය වේ.

Knowledge Station [🇱🇰]

12 Apr, 09:08


නෝම්බි අපිටත් තිබුනනම් මෙන්න අපේ අය දාන පෝස්ට්:
(1) සම්මා බඩගිණියි (සෝමෙගේ වීඩියෝව)
(2) කෑමයි නිවනයි අතර සම්බන්ධයක් නෑ, මේවා පස්සේ ආපු විකුර්ති (කැ. සුදස්සනගේ දාර්ශනික ලිපිය)
(3) කාලා, බීලා, +කලා ජොලියේ හිටපු ජාතියකට මිහිඳු හාමුදුරුවො ඇවිත් විකාරයක් පුරුදුකලා (මහා පඬි සන්නස්ගල)
(4) ඕවා ගෝත්‍රිකයි; හිතෙන් ඇලෙන්නෙ නැතිව කැමති විධියකට කන්න (වස විස නැති සමන්ත සාදු)
(5) කැමති වෙලාවට කන බොන එක මූලික මිනිස් අයිතිවාසිකමක් (ර. ජයකොඩිගේ හෑල්ල)
(6) මට බඩගිණි වෙලවටයි මම කන්නේ, ස්වර්ගය එතනයි (රැඩිකල් බුකි වීරයෙක්)
(7) කන්න නැති අපිට හැමදාම නෝම්බි තමයි (සමාජවාදී මිතුරා)
(😎 ජනතාවට බඩගින්නෙ ඉන්න කියලා පාලකයෝ හොඳට හොරා කනවා (රතු සහෝදරයා)
(9) නෝම්බි කියන්නේ බඩගින්නෙ ඉන්න එක නොවෙයි, කුඩුම්බි ගල පැත්තේ තිබුන ගමක් (හෙළ ජම්බුද්වීප මීවනපලාන)
ප.ලි: තේරෙනවා නේද කතාව? අපේ එවුන් හරි පණ්ඩිතයි. හිතන් ඉන්නේ තමන්ට හිතෙන දේ තමයි හරි එක කියලා. අන්න ඒ නිසයි අපේ අයගේ කිසි එකමුතුවක් නැත්තේ, අඩුම තරමේ ශාස්තෲන් වහන්සේ ගැනවත් ගරුසරුවක් නැත්තේ ඒකයි. හැබැයි දැක්කද ඒ ආගමේ කවුරුවත් එහෙම හැසිරෙනවා? කවුරුවත් රැඩිකල් කතා කියාගෙන ඔවුන්ගේ චාරිත්‍රය කඩන්න හදනවා දැක්කද? කවුරුවත් තමන් පොර වෙන්න කල්ලි හදනවා දැක්කද? අන්න ඒක තමයි ඔවුන් ජාතියක් ලෙස දියුණුවීමේ රහස, දින දින බලවත් වීමේ රහස!

Knowledge Station [🇱🇰]

12 Apr, 04:52


2024 දී ලෝකයේ මධ්‍යසාර නොවන හොඳම පාන වර්ග 10,
1.🇲🇽 Aguas Frescas
2.🇮🇳 Mango Lassi
3.🇱🇰 Ceylon Black Tea ❤️❤️
4.🇮🇳 Chai masala
5.🇬🇷 Espresso freddo
6.🇨🇴 Lulada
7.🇻🇪 Papelón con Limón
8.🇯🇵 Hōjicha
9.🇹🇭 Thai Iced Tea
10.🇨🇺 Café Cubano
(tasteatlas)
Shone Waik

1,680

subscribers

4,740

photos

274

videos