මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

@man_liyanne_oyata


ලිහා තෙත් වුනු තනපට
තාම මිරිකනව දරා ගනු බැරි තැන

මලක් ඉගිලුනාම අහසට...
පැලෙ මැරෙන්නෙ නෑ විගහට !

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

10 Sep, 11:32


ලොකු අයියේ මාර වැඩක්
අදනම් මට උනේ
දැක්කම ලස්සන කික්කිව
මගෙ හිත කොර උනේ......

පස්සෙන් ඇවිටිලි කරමින්
දොරකඩටම ගියේ
ඒකිගෙ මායම් බල බල
පපුවම ලෙඩ උනේ......

බූල් පිරුනු හැඩ ඉඟ සුඟ
තාලෙට සෙලවුනේ
නලව නලව යන ගමනට
හුස්මත් නැවතුනේ......

දෑස් කොනින් ඉඟි කරමින්
මොනවද පැවසුවේ
මමත් ඉතින් ඒකි ලඟදි
නහුතෙට බලු උනේ......

මහ සද්දෙන් බිරුම් හඩක්
කන් ලඟ පිපිරුනේ
හැඩි දැඩි තඩි කළු බල්ලෙක්
පස්සම ඇල්ලුවේ......

වෙච්චෙ දෙයක් හිතාගන්න
තත්පරයක් ගියේ
ඒකිගෙ මිනිහලු ඇහුනම
මගෙ දිව ඇද උනේ......

ʜɪᴍᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

09 Sep, 11:32


ඔය ඇහි පිය වදින තැන
මගේ හිතේ පතුළටම ගිය
හැඟීමක් ගැන කතාවක්..
ඔය කම්මුල වල ගැහෙන තැන
බදාගෙන ඉඹින්න හිතෙන
හාදුම ලක්ෂ දෙකහමාරක්..
ඔය ඇහිබැම රැළිවැටෙන තැන
මට මාවම අමතක වෙන
මායාකාර හිනාවක්..

මිනිස්සුන්ට ඕනෙ..
සැනසෙන්න තෝරගත්තු මනුස්සයා
දිහා බලන් ඇවිලෙන්න එක වෙලාවක්..

තත්තවය බරපතලයි..
ඔයා නිකන්ම නිකන් තරුවක් නෙවෙයි,
තනිකරම තරු රටාවක්..!

ꜱʜᴀɴ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

08 Sep, 12:31


Click Here!

🚀 Join CashClick Today! 🦉
🎨 Dive into art, earn SEED tokens, and explore blockchain innovation.

SEEDx Rewards: 🦉
💎 320k SEEDx per year on Telegram
💎 +29k SEEDx with Telegram Premium

Referral Bonuses: 🦉
⭐️ 20k SEEDx for regular users
⭐️ 40k SEEDx for Premium users

🦉 “At CashClick, we deliver value upfront. Join the fun now!” 🌟
🦉 Telegram: Explore art and earn with CashClick! 🎉

Click & Join Now!

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

08 Sep, 11:31


ජිවිතේ මතක බර
උහුලගෙන
හීල්ලුම් වාවගෙන
හුදෙකලා මගක
අතරමං වෙන එක
කොයිතරම්
අමාරුද රියෝනා !

ඒ මැදින් හිනාවෙවී,
ජීවිතේ ගැන එකම
බලාපොරොත්තුවක් වත්
තියාගන්න තරම් ඔයා
මහ ගොඩක් හයිය වෙන්න ඕනි

ꜱᴀᴍɪɴᴅɪ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

07 Sep, 11:31


දෑසින්වත් නොදැක
දෑතින්වත් නොඅල්ලා
හරි ආදරෙන් ඉන්න...
බලාපොරොත්තු ගොන්නක්
හිතේ දරාගෙන
හැම රෑකම හීනෙන් හමුවෙන...
හීනෙන් තුරුල් වෙන
හීනෙන් සිපගෙන
හීනෙන්ම වෙන්වෙන...
හරි ලස්සන ආදර කතා
මේ ලෝකෙ තියනවා කායා...

ᴄʜᴀᴍᴏᴅ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

06 Sep, 11:32


කැනබි සුවඳ දැවටුණ සුසුම්
බීර රස දැනෙන තොල්
අඩවන්ව රත් වු නෙත්...

ඔව්,
මට නවතින්න පුලුවන්
ෆැන්ටසිමය ලෝකයක්...


මුදුන් කර බැඳි කොණ්ඩය
පපුව මත්තට වැටෙන කුරුසය
බොත්තමක් දෙකක් ගැලවූ කමිසය...

ඔව්,
මට ඕන ඒ වගේ
මායාකාරීමය ප්‍රේමවන්තයෙක්...


පුළුල් වූ උරතලය
ගැහෙන උණුසුම් පපුව
කිතිකැවෙන රවුල

ඔව්,
මං දැකපු
ලස්සනම දුඹුරු පැහැ හීනයක්...


ʙɪɴᴜ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

05 Sep, 11:31


ඇඩුම් ආවම කදුළු පිසදූ ..
මාව මතක ද දන්නේ නෑ..

වදන් නැති තැන අකුරු ඇමිණූ ..
මාව මතක ද දන්නේ නෑ..

තනිව උන් තැන තනිය මකපූ ..
මාව මතකද දන්නේ නෑ..

අතැර ගිය ඇය තරම්වත්, ළග උන් ..
මාව මතක ද දන්නේ නෑ..

ꜱᴇᴡ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

04 Sep, 11:32


මගේ ආදරණීය චෙරි මල 🤍

ඔයාට මතකද.?
මං ඔයාගෙන් අවසාන වතාවට
එකම එක දෙයක් ඇහුවා..
ඔව් මං ඔයාගෙන් හැමදාම අහන දේ
අවසාන වතාවට කියලා හිතාගෙන
එදත් පුරුද්දට වගේ ඇහුවා..

+ ඔයා මට ආදරේ නැද්ද..?

ඔයා කවදාවත් නැතුව උත්තරයක් දුන්නා..

- මං කවදාද ඔයාට ආදරේ නොකර හිටියේ..?

ඒ උත්තරේ එක්ක මං ගල්වෙලා ගියා..
ඒ කියන්නෙ එයා මෙච්චර කල්
මට ආදරේ කරලා

මට දැනුණු සතුට වචනවලින් කියන්න බෑ. හරියටම කිව්වොත් බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ. එකපාරම මටත් පියාඹන්න පුළුවන්නම් කියලා හිතුනා.

මං ආදරේ කරන මනුස්සයා මට
ආදරෙයි කිව්වා කියලා කියන්න..
මුලු ලෝකෙටම ඇහෙන්න..
ඒ තරමට මං ඒ වචනවලින් පුදුම වුණා..!

+ ඔයා ඇත්තටමද ඒක කිව්වේ..?

මං ආපහු ඇහුවේ සතුට හොඳටම වැඩිවෙද්දී..

- ඔයාට මං කවදාවත් බොරුවක් කියලා නෑ
කියලා ඔයා හොඳටම දන්නවා..

+ හ්ම්ම්..ඒක ඇත්ත..ඉතින් ඇයි මෙච්චර කාලෙකට පස්සෙ මට ආදරෙයි කියන්න හිතුනෙ?

- ඔයා මට කීපාරක් ආදරෙයි කියලා තියෙනවාද..? සියවාරයක්, දහස්වාරයක්, ඊටත් වැඩී..

+ ඒකද හේතුව ආදරෙයි කියන්න..?

- නෑ..ඒකම නෙවෙයි..මට අද ඇත්තටම ආදරෙයි කියලා කියන්න ඕනෙ කියලා හිතුනා. සමහරවිට ඔයාටත් මට ආදරෙයි කියලා ඇතිවෙන දවසක් ආවොත් එහෙම..

+ ඔයා දන්නවා..මට එහෙම දවසක්
එන්නෙ නෑ කියලා..

- හ්ම් ඔව් ඒක හරි..ඒත් ඔයාට මං
ඇත්තටම ආදරේ කරනවානෙ. ඒක ඔයා දැනගන්න ඕනිනේ..

+ ඔයා කියන්න කලින්ම මං දැනගෙන හිටියා..

මං හිමීට මිමිණුවා..

- ආ එහෙමද මිස්ටර්..එහෙමනම් මට
අවසරද අපෙ කතාව පටන්ගන්න..ජීවිතේ ඉවරවෙනකන් මේ කතාව අරන් යන්න..

ඒ හිනාව අස්සෙ ආදරේ උතුරන්න තරම් තිබුනා. ඒ ප්‍රේමණීය දෑස් ආදරයෙන් වගේම විෂ්වාසයෙන් මහාගොඩක් පිරිලා තිබුනා. ඉතින් තවත් කතා මොකටද..? මං ඒ මුලු මූණම මගේ දෑතට අරගෙන පපුවට තියන් තදකරලා බදාගත්තා..

ඉතින් චෙරි මල..අවුරුදු ගානකට පස්සෙයි
මට ආදරෙයි කිව්වේ.. ඒ වගේ ආදරයෙන් විෂ්වාසයෙන් පිරිච්ච හිතක් එක්ක කෙනෙක් වෙනුවෙන් අපි බලන් හිටියොත් ,

එයා අනිවාර්යයෙන්ම දවසක අපේ වෙනවාමයි ඒක එහෙම්ම තමයි..

ප්‍රේමය පාරමිතාවක් සේ පුරන කල්හි
කිසිවෙකුටත් එය සිඳ බිඳ විනාශ කල නොහැක..!

ᴡɪᴅʏᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

04 Sep, 03:58


Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻

It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.

⚡️ Place your ad here in three simple steps:

1 Sign up

2 Top up the balance in a convenient way

3 Create your advertising post

If your ad aligns with our content, we’ll gladly publish it.

Start your promotion journey now!

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

03 Sep, 11:32


ප්‍රේමයෙන් අත්මිඳුනු පසුවද
ප්‍රේමයේ නාමයෙන් ,

නන්නාඳුනන උන් සේ වුව ද ,
නුඹ හා රැඳුණු වරදට

පළුදු වූ " හදවත " නම් (නි)වැරදිකරු
" නුඹගේ මතක " යන බරපතළ වැඩ සහිතව

ජීවිතාන්තය දක්වා සිර ගත කළෙමි !

එබැවින් ,

නුඹට හෝ මට අප දෙදෙනා සමඟම සිටි " මම " නම් තැනැත්තා නැවත හමුනොවනු ඇත !

ꜱᴀꜱʜᴇɴ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

02 Sep, 11:31


සියල්ල ඉවසා දරා ගැනීමේ
සීමාව පසු වූ කල ....

ගත හැකි හොඳම තීරණය
නිහඬව අතහැර දැමීමයි .....

යළි කිසිදු දිනෙක '

ආපසු හැරී නොබලන තරමට
පරිණත වීමයි !!

ʜɪʀᴜ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

01 Sep, 11:32


" ජීවිතේ එහෙමයි "

කර්කශක ඍතුවල
පවා මල් පිපුණයි
දිගු ගැඹුරු සංවාද
බොහෝ තැන් නිහඬයි

සමහරක් කාරණා
කවිවලට අකැපයි
උඩු කොමා මැද ලියමි ....

" ජීවිතේ එහෙමයි "

ɴɪꜱʜᴀɴᴛʜᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

31 Aug, 11:32


° | පැලෙන්න ආදරේ කරලත්

උහුලගන්න බැරි තරමට පපුව රිද්දනවනම් ,

~ දැනෙන්න අතාරින්න ... ! ❤️‍🩹

ʏᴏꜱʜɪ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

30 Aug, 11:31


මීට අවුරුදු 10 කට කලින් අගෝස්තු "

උබ උදෙ නැගිට්ට ගමන් කරන්නෙ සිරසෙ නැත්තම් ITN එකේ Kids Movie බලන එක ,

පුටුවක් උඩට වෙලා කකුල් දෙකත්
පුටුව උඩට අරන් නිවාඩුව
නිදහසෙ විදින උබ ,

උදේට කාල එහෙම යන්නෙ ගමෙ සෙට්
එකත් එක්ක ක්‍රිකට් පාරක් ගහන්න ...

ක්‍රිකට් ගහල දවල් වෙලා ඇවිත් කාල ආයිත් මැච් එක ඉවර කරල එන්නම් කියල යන්නෙ අම්මගෙ ජර මර අස්සෙ

ඒ ගියාම ආයි එන්නෙ හය හත වෙලා කලුවර වැටීගෙන එද්දි ගමෙ වෙලෙ නැත්තන් පිට්ටනියෙ සරුන්ගලුත් යවලා ශට් එකම දාඩියෙන් තෙමාගෙන හඩ්ඩෙක් වගෙ !!

ගෙදර ආපු ගමන් අම්මගෙන් බැනුම් තමයි

" හෙට යමංකො බලන්න "

ඔක්කොම අහගෙන ඇග පත හෝදන් තේ එකක් එහෙම බීලා කෑම කාල ඇදට වැටෙන්නෙ , හෙටත් මෙ මෙ විදියටම දවස
ගෙවෙන බව දැන දැනමයි '

Depression කියන්නෙ මොකක්ද කියලවත්
දන්නෙ නැතුව අපි අපෙ ලමා කාලෙ ...

හරි සුන්දර විදියට ගත කරා බන් ,

ඒ කාලෙ දන්නවනම් තව අවුරුදු දහයකින්
අපි මේ තරමට Depressed කියලා

තව ටිකක් ඒ කාලෙ Enjoy කරනවා ,
අඩුම ලස්සන මතක ටිකක් හරි තියෙනව

ᴋᴀʟᴀɴᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

29 Aug, 11:31


නේක මංමාවත් දිගේ විත්,
රිදුම් දෙන මුත් දෙපා හකුලා

කුමරියගේ ඇහිදියරය රිද්මෙන්,
බොහෝ දෑ මං හැදිනගත්තා.....

දිසාපාමොක් නොදත් පාඩම්,
ප්‍රේමයේ හරි රහට තිබුණා..

වනේ ගහකොළ දැකපු නැති කවි,
අනේ! ඒ ඇස්දෙකේ තිබුණා...

ගෑණු කවදද වටේ නොගියේ,

දකින උන් මොනවදෝ කීවා ...

පුරුදු ගේ නැති පාළු ලැහැබක,
ඒකි බඩුවක් ! කියලා කිව්වා....

ගෑණු රැවටෙන්නේ ම වචනෙට,
සුමට හිත් තව උන්ට මවලා,

මහබඹා උබ කරපු වරදට,
දඩුවමක් දෙන්නමයි ඕනා.......

ɴɪʀᴏꜱʜᴀɴɪ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

28 Aug, 11:32


කෙනෙක් අපි ලග ඉද්දි ඒක
කරදරයක් වගේ දැනුනට

ඈත් උනහම තමයි තේරෙන්නෙ '

අපිවත් දන්නෙ නැතුව ,
අපේ ජීවිතෙන් එයාලට නවාතැනක්
වෙන් කරලා කියලා !

ʀᴀꜱʜᴍɪ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

27 Aug, 11:33


කෙල්ලගෙ නිරුවත් ෆොටො ඉල්ලන්
ඒවා මුලු ලෝකෙටම පේන්න
සමාජ ගත කරන පිරිමි අතරෙ ....

තමන්ගෙනුත් තමන්ගෙ එකී
පරිස්සම් කරන | ° සුන්දර පිරිමි

අදටත් මේ සමාජෙ ඉන්නවා ... !

ᴡɪᴅʏᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

26 Aug, 11:32


එන්න කිව්වත් හදවතට පාවඩ
~ පිටින් එලා ....

දැන්නම් එන්න බෑමයි..

ඇතුළෙ හිටපු හැගෙන දැනෙන එකා මලා
හිතක් නැද්ද, පපුවක් නැද්ද කතා
අහන්නෙපා.....

මමත් කාලයක් නොසෑහෙන්න
ආදරේ කියලා එකක් කලා..!

ꜱʜᴀɴ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

25 Aug, 11:31


මිනිස්සුන්ව මානසිකව වට්ටන්න එපා
ඒක ලොකු අකුසල කර්මයක්
මොකද මනස සුවපත් කිරීම අපි
හිතන තරම් ලේසී නෑ...

මේ ලෝකෙ හැම කෙනෙක්ගෙම
හිත හයිය උනා නම් ,

හැමදේම දරාගන්න පුලුවන්
හයියක් හිතෙ තිබුණ නම් ....

අදටත් මානසික රෝහලෙ ඇඳන්
හිස් නැත්තෙ ඇයි ?

ᴅᴀʀꜱʜᴀɴᴀ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

මන් ලියන්නෙ ඔයාට .... 🙂♥️

24 Aug, 11:31


හදවතේ පතුලටම දැනුණ
ටිකෙන් ටික නැතුවම බැරි වුණ

හරි ලස්සනම ආදරයක් තිබුණා
කාලෙකට ඉස්සර

ඒ ආදර කතාවේ ,

අදටත් ලොකු හිසැතනක් !

" නුඹ පසුවදනක් නොතියම නික්මුණ "

ꜱʜᴀɴ ✍️ | ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ

9,442

subscribers

197

photos

5

videos