𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

@littlesecretsl


Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂️

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love♥️

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @wagee21 🖤😈

#Srilanka🇱🇰

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

08 Oct, 15:17


You Will Never Be Ready, So Just Start…!!

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

08 Oct, 15:16


https://telegra.ph/You-Will-Never-Be-Ready-So-Just-Start-10-08

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

01 Oct, 04:41


ඔය ලමයි බුක් පෙයා ගියාද😌👍.

Recommend me some goood books 🥹.

මීට,
බටුස්

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

17 Sep, 14:38


මගේ හොඳම යාළුවා දවසක් මගෙන් ඇහුවා " කෙනෙක් ඔයාට ඇත්තටම ආදරේ බව ඔයා දැනගන්නෙ කොහොමද?" කියලා. 💜

මම එයාට කිව්වා " සමහර වෙලාවට ඒක දැනෙනවා. අපේ සම්බන්ධය වෙනුවෙන් එයා ගන්න වෙහෙස හරහා මට ඒක දැනෙනවා" කියලා.

ඊටපස්සෙ එයා එයාගෙ උත්තරේ දුන්නා... එයාට කෙනෙක් ආදරේ බව දැනෙන්නෙ කොහොමද කියලා එයා කිව්වා... එයා කිව්වෙ මෙහෙමයි.

" කාලය !

කාලය තමයි මගේ උත්තරේ... කෙනෙක් ඔයාට ආදරේ බව දැනගන්න පුළුවන් එයා ඔයාට දෙන කාලය දිහා බලලා... මනුස්සයෙක් තීරණයක් ගත්තම ඔයාගෙ ළඟ ඉඳගෙන ඔයාට අඬන්න ඉඩ දීලා ඉවසීමෙන් ඒ දිහා පැයක් විතර බලන් ඉන්න, එතන තියෙනවා ආදරයක්... එයාට කරන්න වෙන වැඩ සිය ගාණක් තියෙද්දි, යන්න තැන් තව ඕන තරම් තියෙද්දි, අඬන ඔයාගෙ ළඟට වෙලා ඉඳගෙන ඉන්නවනම්, එයා ඔයා වෙනුවෙන් ගත්ත පැහැදිලි තීරණයක් තියෙනවා.

දීර්ඝ දුරකථන ඇමතුම්, දීර්ඝ කතාබහවල්, වෙහෙසකර දවස් ඇතුළෙත් ෆෝන් අතරෙ එහා මෙහා වෙන කෙටි පණිවිඩ මේ ඔක්කොගෙම එකතුව තමයි කාලය... ඔයාට ඇත්තටම ආදරේ නොකරන කෙනෙක්ට අමාරුයි ඔයා වෙනුවෙන් කාලය කැප කරන්න... කිසිකෙනෙක් කැමැත්තෙන් තමන්ගෙ කාලය වෙන කෙනෙක් වෙනුවෙන් කැපකරන්නෙ නෑ ආදරේ නැත්තම්
"

එයා ඒක කිව්ව දවසෙ ඉඳන් ආදරයක ප්‍රමිතිය මනින්න මම ඉගෙනගත්තා.

කාලය !

තව කෙනෙක් එයාගේ පැවැත්ම මොහොතකට නවත්තලා, මං වෙනුවෙන් ජීවත්වෙන එක දැකීම තමයි ආදරය දැනෙන බලගතුම මොහොතවල්වලින් එකක් වෙන්නෙ.

ඒ නිසා, බැඳීමක වටින්නෙම කාලය !

🖤

-උපුටා ගැනීමක්-

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

15 Sep, 16:27


ඉතින් පුංචි ලමයෝ ඔයා මේ ගෙවන ජීවිතේ ඇතුලේ ,
හැම දවසකදිම ඔයා ඔයාගෙ ජීව්තේ
හොඳම වර්ශන් එක බවට පත්වෙන්න ට්‍රයි කරන්න😘.

ඔයාගෙ ගමන අනික් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා,
ඔයාගෙම ස්වයං වර්ධනය ඒ කියන්නෙ සෙල්ෆ් ග්‍රෝව්ත් එක ගැන විතරක්ම අවධානය යොමු කරන්න😏.

ඔයා නිතරක මැචුව ,
පරිණත මනුස්සයෙක් වෙනගමන්,
ඔයාගෙ වැරදි වලින් ඔයාම හරි වැරැද්ද ඉගෙන ගනිමින්,
ඒවගේම් ඔයාගෙ ශක්තීන් අදුන ගනිමින් ඒවා ඔයා ගාවට ගන්න පුරුදු වෙන්න❤️.

ඔයාගෙ ජීවිතේට එන අහියෝග ඔයාගෙ ජීවිතේ වටිනා අවස්තා බවට පත්කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න😌.

නිතරම ඔයාගෙ කම්ෆර්ට් සෝන් එකෙන් එලියට ඇවිත් අලුත් අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න,
අනාගතය වෙනුවෙන් ඔයා තියලා තියෙන ඃඇම ස්ටෙප් එකක්ම,
දවසින් දවස ඔයාට යන්න ඕනි තැනට ඔයාව ලං කරවාවි. ඔයාගෙ කැපවීම ඇතුලෙන් ඉවසිලිවන්තව,
පසුබහින්නෙ නැතිව නොසැලී ඉන්න මගෙ ලස්සන පුංචි ලමයෝ🙃.

ඔයාට මේ ජීව්තේ දිනන්න ඕනාවටත් වඩා හය්ය තියේ🤍.

ඉතින් මේ කැලෑ මල් පොකුර ඒ ජීවිතේ දිනන්න වෙර දරන පුංචි ඔයාටමයි🥹....

©බටුස්🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

13 Sep, 11:32


Calling Applications for the Bachelor of Social Work External Degree Program
Programme Duration – 4 Years
Medium – Sinhala, Tamil, English
Application Closing Date- 30th of September 2024

𝑭𝒖𝒓𝒕𝒉𝒆𝒓 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔:
https://sw.nisd.ac.lk/bachelor-of-social-work-external/

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

10 Sep, 13:09


😌🤝💕

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

05 Sep, 14:09


හායි ලමායි😌

ඔවාලත් මන් වගේ wattpad එහෙම addict වෙලාත දැම්😏

මීට,
බටුස්

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

03 Aug, 16:24


🥳🌻

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

02 Aug, 17:00


Let July be July. Let August be August. And let yourself just be... even in the uncertainty. You don't have to fix everything. You don't have to solve everything. And you can still find peace and grow in the wild of changing things.

Always remember, in moments of doubt, allow yourself to just let it be

🌻💕

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

07 Jul, 11:36


මිනිසෙක් විශාල එළදෙනක් මරා, ගිනිමැලයක් දල්වා එය පුලුස්සමින් තම දියණියට මෙසේ කීවේය.
"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ සියලු දෙනාටම කතා කරන්න. අපි හැමෝම එකට කෑම කමු."

ඔහුගේ දියණිය පාරට බැස කෑ ගසන්නට වූවාය.
"කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!"

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර අනෙක් අය උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනා සේ සිටියහ.

ආපු අය රෑ වෙනකල්ම කා බී විනෝද වූවාය.

තුෂ්නිම්භූත වූ පියා දියණිය දෙසට හැරී මෙසේ කීවේය.
“ආපු අය මම යන්තම් දන්නවා, සමහරු මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?"

දුව උත්තර දුන්නා.
“ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි. ඉතිං අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි."

නිගමනය:
ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ ආහාර ගැනීමට සුදුස්සෝ නොවෙති!

පරිවර්තනයකි.
🖋️ Nuwansala Kumarasinghe

#lifelessons #inspiration #motivation #life

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

24 Jun, 09:46


නොපෙනෙන දේ දකින්න පුරුදු වෙන්න.. 🌻

ඉදිරියේ තිබූ මෝටර් රථය ඉබ්බෙක් වගේ හෙමින් හෙමින් යද්දි මම එක දිගට හෝන් එක නාද කලත් සතුටු වෙන්න පුලුවන් ප්‍රතිචාරයක් මට ලැබුනේ නෑ..

ටික වෙලාවකින් මෝටර් රථයේ පිටුපස අලවා තිබුනු කුඩා ස්ටිකරය දැක්කම මට මගේ සිහිය නැති වේගෙන යනවා වගේ ලොකු දුකක් , මං ගැනම කණගාටුවක් ඇති වුනා..

ඒකෙ තිබුනේ..
"ශාරීරික ආබාධ සහිතයි; කරුණාකර ඉවසන්න."
🥺

ඒ වාක්‍යය හැමදේම වෙනස් කලා.. මං සන්සුන් වෙලා වේගය වහාම අඩු කලා..

මම විනාඩි කිහිපයක් ප්‍රමාද වී වැඩට ආවත් , ඒක ගැටලුවක් වුනේ නෑ..

මං කල්පනා කලා.. ඒ ස්ටිකරය නොතිබ්බත් මට ඉවසන්න තිබුනා නේද..? 😔

මිනිස්සු එක්ක ඉවසීමෙන් ජීවත් වෙන්න අපිට ස්ටිකරයක් අවශ්‍යද.. ?

මිනිසුන්ගේ නළලේ ලේබල් අලවා තිබුණේ නම් අපි මිනිස්සු සමඟ වඩාත් ඉවසීමෙන් හා කරුණාවෙන් කටයුතු කරනවාද?

මේ වගේ ලේබල්..

~ මගේ රස්සාව නැති වුණා.
~ පිළිකාවට එරෙහිව සටන් කිරීමි.
~ නරක දික්කසාදයක් හරහා ගමන් කිරීමි.
~මානසික අපයෝජනයට ලක්වී සිටිමි.
~ ආදරය කරන කෙනෙකු අහිමි වී ඇත.
~ මා පිළිබදව කිසිදු වටිනාකමක් නැති හැඟීමක් සමග ජීවත් වෙමි.
~ මූල්‍යමය ගැටලු රැසක හිර වීඇත.
.....සහ මේ වගේ තවත්.🥺

හැමෝම ඉන්නේ අපි නොදන්න සටනක.

අපට කළ හැකි අවම දෙය නම් ඉවසීමෙන් හා කරුණාවන්ත වීම නේද.. ?

අපිට ඔවුන්ගේ වේදනාව තේරුම් ගන්න හෝ ඔවුන්ට උදව් කරන්න , ඔවුන් අපිට ඒ පීඩාකාරී ගැටලු පැහැදිළි කරන්නම ඕනෙද?

අපිට පුලුවන් නේද හැමෝම ජීවත් වෙන්නෙ නොපෙනෙන ලේබලයක් හෝ ලේබල් කිහිපයක් තමන් ලග තියාගෙන කියන එක තේරුම් ගන්න..

ඉතින් අපි හැමෝම එක්ක සතුටින් ඉමු..
ආදරය, කරුණාව බෙදමු..
පුලුවන් හැම වෙලාවකම අනිත් අයට උදව් කරමු..

අනිත් අයට ආදරය, කරුණාව බෙදලා අපේ හිතට දැනෙන සැනසීම විදිමු.. 🌻♥️

Translated & edited
Rashali

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

23 Jun, 15:17


ඉපදුනාට ඔහේ ඉන්නවට වඩා මෙහෙම Track ටිකක් හොයන්න ඕනි..ඔය හැම Track එකකම ගිහිං අන්තිමට වැටෙන්නේ හරිම Track එකට..💫

Poster Copied

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

18 Jun, 09:05


https://www.facebook.com/share/v/TYXzgCbxaGk9QQGU/?mibextid=w8EBqM

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

10 Jun, 02:38


Whatever happens keep moving මගේ ලස්සන ලමයෝ🥰

©බටුස්🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

09 Jun, 15:53


සමහර මිනිස්සුන්ව බාහිරෙන් දැකලා ,"wow "කියල හිතලා මෙයා නම් "පට්ට "චරිතයක් කියල මවාගන්න පෞරුෂය ඒ වාව් එක ඒ මිනිස්සු මුණ ගැහිලා කථා කලාට පස්සෙ නැත්තටම නැති වෙලා යනවා නේද ?

ඔව් එහෙම වෙනවා ,

හුඟක් මිනිස්සුන්ගෙ බාහිර සහ අභ්‍යන්තරය කොහෙත්ම මැච් වෙන්නෙ නැහැ ,
ඒක දැනුන ගමන්ම අපිට අර මවාගත්ත ෆැන්ටසි එක ඔටෝ නැත්තටම නැති වෙලා එපා වෙලා යනවා .

ඒක වෙන්නෙ මෙහෙමයි ,

අපේ ඔළුවෙ කෙනෙක් ගැන ප්‍රතිරූපය මැවෙන්නෙ ඒ කෙනාගෙ බාහිර පෙනුම සහ ඒ මොහොතේ අපේ ඔළුවෙ තියන ෆැන්ටසිය අනුව විතරයි ,

හැබැයි ඒ දැනෙන ෆීල් එක අනුව අපි මවාගන්න wow level එක තියෙන්නෙත් අපි ඒ කෙනාට ලං වෙනකම් ,එයා එක්ක කථා බහ කරනකම් විතරයි .

එතනින් එහාට ,මිනිහෙක්ගෙ real wow එක තියෙන්නෙ ඇඟේවත් ,මූණෙවත් ,කකුල් දෙකේවත් නෙමෙයි ,

ඒක ,එතනින් එහාට ගියපු attitude එකක් ,
වෙනම personality එකක් ,
වෙනමම quality එකක් ,passion එකක් ..

ඇත්තම කිව්වොත් මිනිහෙක්ගෙ "real wow "එක තියෙන්නෙ පෙනුමෙ නෙමෙයි ,attitude එකේ ..ඒක වෙනමම එකක් 💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(physiological counsellor)

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

09 Jun, 10:32


මොකද බලන්නේ 🌝


මේකත් meme channel එකක් හැබැයි 🌚🔥

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰

09 Jun, 10:32


මේ සතාව අදුර ගන්න පුළුවන් ද GUYS...?😪

#AI

17,429

subscribers

2,563

photos

252

videos