🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

@kavikaara_greatwarriors


මෙම චැනලය කවි, සින්දු ,නිසඳැස් වැනි නිර්මාණ සඳහා වේ. අප විසින් පළකරනු ලබන සියලු නිර්මාණවල අයිතිය මුල් අයිතිකරු සතුවේ. දේශපාලන මත, ආගමික හා ජාතීන් අතර ගැටලු ඇතිවන නිර්මාණ හා අසභ්‍යය දෑ අන්තර්ගත නිර්මාණ පළකරනු නොලබන බව කාරුණිකව සලකන්න.

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

20 Feb, 01:12


🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄
උදේම වැටෙන පොද වැස්සෙම
පාර දිගේ ඇවිදින ගමන්
පාර දෙපැත්තෙ තණ බිස්සෙ
ලස්සනට හිනා වෙන මේ මල් ටික එකතු කර ගත්තෙ
ඔයාව මතක් කරගෙන!
❤️

දන්නවද ළමයෝ මේ ට්‍රයිඩැක්ස් මල් වල විශේෂත්වය....??
එයා අව්වට වේලිලා ඉරි තැලුණු
කටුක ඉඩෝරයන් දරාගෙන
වැස්සට ආයෙ නැගිටින ආදරණීය කැලෑ මලක්
🌼

කාටත් පේන්නේ කහ සුදු පාටින් ලස්සනට පිපිලා තියන
මල් ටික විතරක් උනාට
එයා කටුක ඉඩෝරයන් දරා ගත්තා කියන එක
ගොඩක් අය දන්නේ නෑ......

ඉතින් අද මට ඔයාට ට්‍රයිඩැක්ස් මල් මිටක් දීල
ආදරෙයි කියන්න ඕනි හිතුනා.....
❤️😊

මොකද ඔයත් කාටත් හොරෙන්
අමාරුම කාල දරාගෙන ඉන්න
ජීවිතේ එන හැම අභියෝගකටම
නොසැලී මුහුණ දෙන
ශක්තිමත්ම කෙනෙක්
❤️
හරියටම මේ ට්‍රයිඩැක්ස් මල් වගේ......
🌼❤️

කටුක ඉඩෝරයන් ගත කරපු ඔයාට
ලස්සන වසන්තයක් හිමි විය යුතුමයි!
ඉතින් විශ්වාසයෙන් ඉන්න මගෙ ළමයෝ
❤️

අමතක කරන්නෙපා
ඒ ඉඩෝරයන්වල ඔයා වගේම දරාගෙන
ජීවිතේ එක් වසන්තයකදී
ඔයාගෙ තනියට ඔයා ලඟින්ම
තවත් ට්‍රයිඩැක්ස් මලක් පිපිණු වග.....
🥺🌼❤️

ඉතින් ඒ මල හැමදාමත් ඔයාට
මහමෙරක් තරම් ආදරෙයි
❤️❤️❤️

___
✍️සාරා 🦋🌹🟢🟢🟢___

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

19 Feb, 04:08


⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
ප්‍රේමනීය හිතවත..,
💛"!

පොප්ලර් කොළ හැලිච්ච
තැඹිලි පාට හවසක..!"

සුරලෝකයක් නොවිච්ච
හැබැයි ඒ සමාන උන..!"

පාරක් අද්දර තනිවෙච්ච
හරි ලස්සන බංකුවක..!"

ඔය උණුහුම් පපුවට..
මේ සීතල කම්මුල් තද කරගන්නවද..
🥺💛🍁!•

එක තත්පරේකට..
මාව මේ වේදනාකාරී ලෝකයෙන් හංගගෙන"!
මායාකාරි ප්‍රේමනීය පුරයක හංගගන්නවද...

...
✍️සාරා_🌻🤎🔹🔹🔹

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

18 Feb, 14:06


⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
අත්හැර බලන්න..
ආදරෙයි නම් ළඟ රැදෙයි..
❤️

ඔව් මං එහෙම අහලා තියෙනවා..
මිනිස්සු එහෙම විස්වාස කරනවා..

ඉතින් මමත්..
අත්හැරියා..
නිදහස දුන්නා..
මම විස්වාස කලා ළඟ රැදෙයි කියලා..

ඒත්,
විස්වාසය කල පමණින්
රැකෙන්නේ නැති බව
මම ඉගෙන ගත්තා..
ඉතින් එච්චරයි 🍁
🌼 ,

අත්හැරිය පසු,
උපරිමෙන්ම නිදහස දුන් පසු,
ළඟ රැදෙන්නේ "ආදරේ" නම් පමණක්ම බව..
මතක තියාගන්න..
💔💫

...
✍️සාරා_🌻🖤🔻🔻🔻

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

18 Feb, 07:02


⭐️⭐️⭐️⭐️⭐️⭐️
අහසෙ තරු ගොඩක් තිබ්බ රෑක
මං දැක්කා එක තරුවක් දුරක...

දෙයියනෙ ලස්සන බටු ඇටයක තරම

තරු ඔක්කොම අස්සෙන් හදන්
ඉල්ලද්දි මං ඒ තරුව

හිනා වෙලා බැලුවෙ හද
කට කොනින් රවාගෙන

කිව්වා මට මෙහෙම..

"අඩේ තොට පිස්සුද තරු
වලට අයිති අහස"
❤️

...
✍️සාරා_🌻😘

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

18 Feb, 00:47


මම විශ්වාස කරන්නේ නෑ,
මිනිසුන් අපි ගැන අවංකවම
හැඟෙන ආකාරයට අපිට සලකනවා කියලා.
එයාලා අපිට සලකන්නේ
ඔවුන්⁣ සිටින මානසික තත්ත්වය මත
පදනම් වෙලා.

සමහර අය නොදැනුවත්වම
අපිව රිදවනවා.
ඒ එයාලා තමන් සමඟම සටනක
ඉන්න නිසා වෙන්න පුළුවන්,
නැත්නම් සමහර දේවල් නිසා
දුක් විඳින නිසා වෙන්නත් පුළුවන්.

ඒකට ඔයාට කරන්න දෙයක් නෑ.
ඒ නිසා මිනිසු ඔයාට සලකන විදිය ගැන
කනගාටු වෙන්න එපා.

...
✍️සාරා_🌻🌚🔄🔄🔄

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

28 Jan, 01:59


බරැති සුසුමට හුස්ම ගන්නට
වාරු වෙන පපු කුහර මැද්දෙන්

දෝරෙ ගලනා ප්‍රේම ලැව් ගිනි
සීත අරනක ලැගුම් ගද්දෙන්

සසද විරහිත ශ්වේත හැගුමක
හීන තවරන හිනා මැද්දෙන්

පිරිමි පපු ගැබ බර නොවේවා
ගැහැනු ප්‍රේමෙක කදුලු සද්දෙන්
❤️


...
✍️සාරා_💟💕🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

27 Jan, 01:59


වැද්දාගෙ බණ
‼️‼️‼️‼️‼️‼️‼️

"උඹව
සතපහකට
ගනන් නොගන්න
මිනිහෙක් පස්සෙන්
යන්න එපා ගෑනියේ"

කිව්ව මම ඒ මී හරකිට

"මොන මඟුලක්ද ,
මම තාමත් ඇයි
අරූට msg කරන්නෙ ? "

එහෙම හිතෙනකොටත් sent වෙලා

...
✍️සාරා_💖🌷

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

26 Jan, 01:57


කෙනෙක් ජීවිතේ පරිණත වෙද්දි
තමන්ව ලෝකයට නිරාවරණය කරන එක
නවත්තනවා..

මේ මගේ හීන..
මේ මං කැමති දේවල්..
මං අද දවසෙ කරපු දේවල්..

ඔයා පරිණත වෙද්දි එහෙම දේවල්
ෂෙයා කරන එක නවත්තයි..
එතනින් පස්සෙ තව කෙනෙකුගේ සැනසීම උදෙසා
පුංචි වචනයක් හරි ඔබ උත්සාග ගනියි..

ඉතින් ඔයා මහන්සි වෙන්න
එහෙම දවසක් වෙනුවෙන්..
ඔයාහෙ හීන තව කෙනෙක්ට
නිරාවරණය නොකර ඉන්න වග බලා ගන්න..
ඔයා ඔයාගෙ හීන වෙනුවෙන් මහන්සි වෙන්න..
🌼❤️

...
✍️සාරා_🌻💞🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

25 Jan, 01:56


ලියුම හරිම ආදරනීයයි....

මට ආසයි යුමී සන් කෙනෙක් වෙන්න
ඒ කෝ මට ඕල්‍යා කෙනෙක්
ලියන හැම ලිව්මකටම ලස්සන
තවත් ලිව්මකින් ප්‍රතිචාර දෙන
ලස්සන වේලනුන මල් ලිව්ම අස්සෙ
හන්ගලා එවන

හොදම යාලුවෙක් වගේ ලියුම්
හුවමාරු කරගන්න
මට මගේ විදියට හිතන
New Generation එකේ ඇගක
ජීවත් වෙන පරන ආත්මයක් තියන
ලස්සන කෙනෙක් හිටියා නම්

ඉතින් ලස්සන ළමයෝ
ලිව්මක් අස්සෙ ලස්සන අදහස් හන්ගලා එවන්න
පුලුවන්
වේලුන මලක් හංගලා එවන්න
පුලුවන් කෙනෙක් ඉන්නව ද?

ඉන්නව නම් එන්න අපි පෑනෙ මිතුරො වෙමු....
ඔයාට පුලුවන් මගේ ඕල්‍යා වෙන්න
මට පුලුවන් ඔයාගෙ යුමී සං වෙන්න


...
✍️සාරා_💟💕🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

24 Jan, 01:55


පුංචි පහෙ පුදුම කෙල්ලෙක් ...

ගස් එක්ක
කතා කරන්න.සත්තු එක්ක
හිනා වෙන්න.මල් වලට කවි
කියන්න.

වළාකුලු වලට කැගහලා
" අනේ මගෙ ආදර වළාකුලෙ
තරහා නැතුව පල්ලෙහාට ඇවිල්ලා
මාවත් උබෙ උඩින් තියාගෙන
මට මුලු ලෝකයම පෙන්නපන් " කියන්න.

යාන්තමින් ඉර මාමා අවදි වෙන සීතල
මීදුම මැදින් කාත් කවුරුත් නැති
හුදකලා පාරක හිරිකඩු සීතලේ
උණුම උණු කොෆි කෝප්පයක්
බෝන ගමන් ඇවිදන් යන්න...

වැඩ ඉවර වෙලා ආයෙත් පුරුදු
නවාතැනට යන ඉර මාමාගෙ
දර්ශනය , මුහුද මැදට වෙලා
තාලයකට නැගෙන මුහුදෙ
රලට පැද්දෙන ගමන්
බෝට්ටුවකට වෙලා බලන්
ඉන්න.

හරි අපුරු ෆැන්ටසි ලෝක වල
ඇස් දෙක පියාගෙන අතරමං
වෙන්න.

කොල්ලෙක් වගෙ හැමදේම කරන්න
හැමතැනම යන්න.

පන්සලකට ගිහින් මොහතක්
හිත නිවාගන්න.බෝ මලුව
වටෙ ඇවිදින්න.නිහඩ නිශ්ශලංක
බව විදින්න.ජිවිතයෙ බර මොහතකට
අමතක කරන්න..

ගැණූ ලමයෙක්ට කරන්න බැහ් කියන
හැමදෙම දවසක කරන්න.
හිනාව අමතක වෙලා ඉන්න
මිනිස්සුන්ගෙ මුණෙ හීනාව
අදින්න.

සරලව සතුටින් ජිවිතය දකින්න.
දුක හිතුනත් කවදාවත් නොපෙන්වා
සතුටින් ජිවතය විදින්න.

හැම මොහතම මගෙ පුංචි දරුවව
ජිවත් කරවන්න.ලමා මානසිකත්වය
කවදාවත් අඩු නොකර
මැරෙන මොහතෙ ලස්සන
මතක වල හිමිකාරියක්
විදියට ඇස් දෙක පියාගන්න..

...
✍️සාරා_🌻🍂🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

23 Jan, 01:53


දන්නවද ඔයා..💞"

පොතක පිටු අතර..
හෙමි හෙමින් වචන
කරපු මගේම කවියක් ඔයා..🌻"

ඉතින් ලියලා ඉවරද..?
ඔව් ඉවර උනා...

පිටු මහා ගොන්නක් තිබුණු
පොතම මිසක්...
ආදරේම උතුරපු කවිය උන
ඔයා නම් නෙමෙයි
🦋'

ඉතින් ,
🦋💕"!
අනුප්‍රාසය.!
එළිවැට.!
අර්ථ රසය.!
ශෘංගාරය..!
හරි අපූරුවට කැටි උනු
මම රසවින්ද මගේම ✿ "කවිය"✿
ඒ ඔයා..
💕🌻💫"!

ඒ ඇති..
❤️🍁🌼!"

...
_සාරා_🌹💞🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

06 Jan, 12:54


වස්සාන ඉර්තුව මා වෙතට
රැගෙන ආ මායාකාර ප්‍රේමවන්තයො
ජීවිතේ ලස්සනම දවස්
එකිනෙකට මිමිණුවා මට
නුඹයි මගෙ හදවත සොරා ගත්
ආදරණීය රෝබරෝසියා මල බව..

හද පත්ලෙ සැඟව සිටි
පුංචිම පුංචි හුස්ම මල්
හෙව්වෙ නුඹෙ හිත් පොඩ්ඩ
විඳින්නට වුවමනා යැයි කියා
ඔය ආදරය..

ඉතිම් මගෙ වස්සාන සුළඟ
ඉක්මනින් පැමිණෙන්න
නුඹව මට අවැසිය
මල් වැස්සෙ තෙමෙන්නට__"B"____
❤️😍

...
✍️_සාරා_🌹💞🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

05 Jan, 16:57


ඔයාට මාව මට ඔයාව
ආයේ කවමදාවත් හිමි වෙන්නේ නැති උනාට,
වෙන් වෙන්න බැරි තැන්වල
අපි බැදුනා ඔයාට මතකද

ඒ,
ඔයා මගෙ හිතේ
මං ඔයාගේ හිතේ...

අපි අපිට ආදරේ කියලා
අපි අපිට අයිති වෙන්නම ඕනිද
අයිති උනා කියලා දැනුනම මදිද....

ප:ලි - හැර යන බව දැන දැනම ප්‍රේම කල මට..
නුඹව හිමි වූවත් නැතත් තව තවත් ප්‍රේම කල හැක
🌹


...
✍️_සාරා_🍁🧡

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

05 Jan, 12:52


අහිමිවිම් සාමන්‍ය දේවල් වෙද්දි...
හිමිකරගන්න හේතු දාහසක් පෙන්න ඔයානම්...
එක වෙලාවක පිස්සුවක් සුදු..
🤍

පුංචි ම අවිශ්වාසයක් නොපෙන ..
එ ඇස්වලින් කියන්නෙ අමුතුම කතාවක්..
🤍

හිත කියන දේ කරනවාද
ඔයා කියන දේ අහනවාද ...
🤍
කියලා කල්පනා කරනවාට වඩා..
මට ලේසියි..
ඔයායි හිතයි දෙකෙම දිහා බලන් ඉන්න එක..
🤍

...
✍️_සාරා_🌻🖤🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

05 Jan, 04:51


හැපෙන පෙන බිඳිති සිප පතුල් සනසන තාලය
ඉතින් හිතවත මුහුදු හුළඟක ලියා තබමුද ප්‍රේමය
සැරින් සැරයට රළක් ඇවිදින් මකයි පිය සටහනේ කාලය
අහස්තලයට සයුර ලංකල මුලාවකි මෝ සිතිජ ආලය


...
✍️_සාරා_🍂🌻🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

04 Jan, 16:50


ඔබට හැකි නම්
මොහොතකටවත්
සංකීර්ණ ජීවිතයෙන් මිදී
සොබාදහම සමඟ හිඳින්න...
හිඳිනාගමන් එයට හොඳින්
සවන්දෙන්න...
පවසනා දේ නෑසුනත්
ඔබට එය හොඳින් දැනේවි,

සොබාදහම අපට කොතරම්
ආදරේද යන වග....
💚🍃🌻


...
✍️_සාරා_💚🌵🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

04 Jan, 12:49


ආදරය
හැම ආදර කතාවකම රාගය මුහුවෙච්ච එක හෝරාවක් හරි තිබුනා..
බිත්ති හතරක් මැද කාටත් හොරෙන් කොටුවෙන්න බැරි අසම්මතයක් තිබුනට...
කෙටි පණිවිඩවලින් වුන් වුන්ගෙ ලෝකවල තනිවෙනව...

කෙල්ලෙක්ට බැරි වුනත් මහ රෑක..
එයාගෙ ආදරවන්තයගෙ තුරුලෙ නිදියන්න..ඒකි හැමදාම ඒ කොල්ලගෙ තුරුලෙ නිදියනව...මනසින්...

කොල්ලෙක්ට ආදරේ කොච්චරද..ඒකි මනසින් දකින්නෙම විදින්නෙම ඒ පහස...
එකම එක කෙටි පණිවිඩයකින් හාදුවක් එව්වහම...
ඒක ඒකිට දැනෙනව..
ගතම හිරිවැටෙනව..
මැණික කිව්වත් සැනහෙන තරම් ගෑනු හිත් ආදරෙ ලග බොලදයි...

ආදරේ කරන උන්ට විදින්න බැරි හැගීම් උන් වචනවලට පෙරලනව...
උන් උන්ම මහ රෑ මනසින් ඒ පහස විදිනව...
අසහනය නෙවෙයි ආදරය...

පපුවෙ ලැගුම්ගත්ත හිතවතී...
ආදරවන්තිගෙ පියයුරක සුව විදින්න කොයි කොල්ලත් ආසයි..
මහ රෑක ඒ පහස විදගන්න බැරුවාට..
මැණික මම ලං වෙන්නද අහල..ඒ හැගුම කෙටි පනිවිඩවලින් හුවමාරු වෙද්දි...
මනසින් විදින්න වුන් හරි දක්ශයි...
❤️

ගුඩ්නයිට් කියලා ඒ දවසට ආදරනීය සමුගැනීමක් කෙරුවත්...
දන්නවද නින්දෙනුත් කෙල්ලො තමන්ගෙ ආදරේ පහස හොයනව...
ඒකි ආස ඒකිගෙ හැගීම් එක්ක..
තමන්ගෙ එකා ලග ඉන්නව කියලා හිතන්..මනසින් ආදරනීය හැගීම් විදගන්නව...
ආදරේ කියන්නෙම කවදාවත් නවතින්නෙ නැති අමුතුම බැදීමක්...


✍️_සාරා_💋💝🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

04 Jan, 01:47


ආදරණීය ලමයෝ..
මම දන්නවා
අපිට මේ ගෙවෙන දවස් ටිකක්
අමාරුයි කියලා..
අපිට දැනෙනවා සමහර තැන් වලදි
අපිව කඩා වැටෙනවා කියලා..
අපේ සැලසුම් අසාර්ථක වෙනවා කියලා..
හැමදේම කනපිට යන වෙලාවල්
ජීවිතේට එනවා..

ඒකෙන් කියන්නෑ ඔයා අසාර්ථකයි කියලා..!

ඔයාට තියෙන්නෙ මේ හැමදේම දරාගන්න..
ඔයා හරි හයිය, මනුස්සයෙක්..!

හැමදේම හොඳින් වෙනවා...
ඒකට තව දවස් තියෙනවා..

ඒවගේම ජීවිතේට
හොඳම දවස් තව තියෙනවා..

ජීවිතයට එන කුණාටු වැහි
හරි ආදරෙන් වැළඳගන්න.

මොකද ඉඩෝරයට
මැරුණු ගසුත්
පණ ගැහෙන්නේ මේ වැස්සෙන්මයි
💜🌸

ඔයා සතුව ඇති දේට ස්තූතිවන්ත වන්න,
එවිට ඔයාට තවත් බොහෝ දේ ලැබෙනු ඇත.
♥️

ඔයා සතුව නැති දේ කෙරෙහි
ඔයා අවධානය යොමු කරන්නේ නම්,
ඔයාට කිසිදා කිසිවක් ප්‍රමාණවත්
නොවනු ඇත
🙂

ඉතින් මේ ලබුවාවු නව වසරේ
ඔයා ආදරණීය විශ්වයට හා
ඔයාගේ බලවත් යටි සිතට
ඔයාට ලැබුණු ජීවිතය
වෙනුවෙන් අනේකවාරයක්
ස්තූතිවන්ත වෙන්න

ඔබ සැමට සුබ නව වසරක් වේවා
🙏

...
✍️_සාරා_❤️💝🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

03 Jan, 16:45


ඔයාගෙ වටිනාකම අඳුනගන්න..

මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම මොනාම හරි දේකට දක්ෂයි.
හැම කෙනෙක්ම වටිනවා.
අනිත් දේ තමයි මං විශ්වාස කරනවා ඔයා,
මම ඇතුළු අපි හැමෝම මේ ලෝකෙට ඉපදිලා ඉන්නෙ
මොනාමහරි දෙයක් මේ ලෝකෙ වෙනුවෙන් කරන්න.
ඒ කියන්නෙ අපි හැමෝගෙන්ම වියයුතු වගකීමක් තියෙනවා.

හැබැයි හුඟක් අයට මේ දේ තේරුම් ගන්න බෑ.
ඒ කියන්නෙ ඔයාට ඔයාගෙ වටිනාකම හඳුනගන්න බෑ.
ඔයාට එහෙම හිතෙන්න හුඟක් හේතු බලපාන්න පුළුවන්.
ඔයාගෙ පවුල් පරිසරය, ඔයාට අනිත් අයගෙන් ලැබෙන ප්‍රතිචාර,
ඔයාට ලැබෙන අත්දැකීම්....
ඔය වගේ නොයෙකුත් දේවල් නිසා
ඔයාට ඔයාගෙ වටිනාකම නොපෙනී යන්න පුළුවන්.

ඒ වුණත් මං කැමතියි මේ post එක කියවන ඔයාලා
මේ මොහොතෙ ඉඳන් හරි,
ඔයා හුඟක් වටින කෙනෙක් කියලා හිතන්න පටන් ගන්නවා නම්..
මොකද ඒ හැඟීමට පුළුවන්
හුඟක් ලස්සන මනුස්සයෙක් නිර්මාණය කරන්න.
තව කෙනෙක්ට පිළිසරණක් වෙන්න
පුළුවන් කෙනෙක් නිර්මාණය කරන්න.

ඔයා දන්නවද සමනලයොන්ට
උන්ගෙ ලස්සන අත්තටු කවදාවත් දකින්න බැරි බව???

අන්න ඒ නිසා උන්ට,
උන්ගෙ ලස්සන ගැන, වටිනාකම ගැන
කිසිම අදහසක් නෑ.
සමහර විට මේ වෙද්දි ඔයත් සමනලයෙක් වෙන ඇති;
ඔයා කොච්චර වටින පුද්ගලයෙක් වුණත්
ඔයාගෙ වටිනාකම දකින්න බැරි.

ඉතින් අදම ඔයත් ඔයාගෙ වටිනාකම දකින්න පුළුවන්,
ඔයාව වටින කෙනෙක් කියන දේ විශ්වාස කරන පුද්ගලයෙක් වෙන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය
💪..

...
✍️_සාරා_❤️💝🟢🟢🟢

🔱⚔️ කවිකාර Gʀᴇᴀᴛ Wᴀʀʀɪᴏʀs⚔️🔱

03 Jan, 12:34


සිදු වූ දේවල් වලට පසුතැවිලි වෙන්න එපා.
වැරදි ඕනෑම කෙනෙකුගෙන් විය හැකිය.
එයින් පාඩමක් ඉගෙන
ඒවා අත්හැර දැමීමට පුරුදු වෙන්න.
එය ඔබ නොහිතන ආකාරයේ
සැනසිල්ලක් ඔබට උදාකර දේවි.
උත්සාහ කර බලන්න...
ඔබට පුළුවන්....
♥️

ඔබගේ යහපත් ප්‍රාර්ථනා
විශ්වයට මුසු කරන්න.
එමගින් ඔබට ඔබ මෙන්ම සියලුම ජීවීන්
සුවපත් කිරීමට දායක වීමට හැක.
ප්‍රාර්තනාවක් යනු සිතුවිල්ලක් බැවින්
එයට ශක්තියක් ඇති බව
අමතක නොකරන්න....
♥️🍂

...
✍️_සාරා_❤️💝🟢🟢🟢

1,257

subscribers

852

photos

9

videos